ජනාධිපති වැටුප මෙන් 40 ගුණයක් පඩි ගත් ලොක්කා ගැන අමුතු තීන්දුවක්

මෙරට ජනාධිපතිවරයා හට ලැබෙන වැටුප මෙන් හතලිස් (40) ගුණයක් වැඩි වැටුප් ලැබූ සභාපතිවරයෙකු එම තනතුරින් ඉවත් කර තිබෙනවා.

රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සේවකයා ලෙසට යි ඔහු සිට ඇත්තේ.

රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක, අනුබද්ධ සමාගම් දෙකකින් ඔහු මෙම වැටුප් සහ දීමනා ලබා ඇති බව සඳහන්.

මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබෙනවා. 

රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ද ලබන්නේ  රුපියල් 97,500ක මාසික වැටුපක්.

මේ අතර අදාළ පුද්ගලයාගේ සභාපති තනතුර ඉවත් කළ නමුත් පසුව ඔහු වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ලෙස පත් කොට ඇති බව වාර්තා වෙනවා.

ඔහු පත් කොට ඇති ආයතනයේ විෂය භාර අමාත්‍යවරයාගේ ද දැඩි විරෝධය මධ්‍යයේ මෙම නව පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ නව වැටුප රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
7
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා...

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම්...

ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින්...

සීනි මිලත් තව ඉහළ යයි

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට...

බස් රථයක් අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළී 28ක් මිය යයි

වයඹදිග නේපාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.මඟී ප්‍රවාහන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x