ජපන් රැකියා සඳහා කුසලතා පරීක්ෂණ අරඹයි..

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කුසලතා පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා (Nursing Care Worker & Food Service Industry) SSW එම පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසය ඇතුළත පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, බහුවරණ ප්‍රශ්න පත්‍රයකින් (පරිගණක පදනම්ව CBT)පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

විභාග ගාස්තු පිළිබඳ තොරතුරු http://www.slbfe.lk/ වෙබ් අඩවියේ පළ කර ඇති අතර විභාග මාධ්‍ය වන්නේ ජපන් භාෂාව බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අයදුම්පත් කැඳවන දිනය හා විභාග මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු පසුව දැනුම්දෙනු ඇත. 2021 සැප්තැම්බර් 24 දින හඳුන්වා දීමේ ආරම්භක වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
49
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද සවස ට මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ...

නිරන්තරයෙන් බුකියේ කතාබහට ලක්වන, ඕෂධී හිමාෂාගේ නවතම ඡායාරූප පෙළ මෙන්න

නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආරක්ශණය දිනාගත්ත චරිතයක් ඕෂධී හිමාෂා කියන්නේ. කාලයෙන් කාලයට විවිධ...

පොළවට බරක් නැති රටට සම්පතක් වුණු දියණියක්

මොරටුව ප්‍රදේශයේ පදිංචි පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසි කුලන්සා කෞමදී...

CID අධ්‍යක්ෂක ලෙස OICට ව්‍යාජ දුරකතන ඇමතුමක්… සැකකරුවෙකු නිදහස් කරන්නැයි කියයි.

පයාගල වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක පෞද්ගලික ආරවුලක් මත සිදු වූ පහරදීමකට සම්බන්ධ සැකකරුවකු නිදහස් කරන්නැයි...

රටම බියගන්වමින් අවවාදාත්මක නිවේදනයක් එළියට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x