ජපානයට ගිහින් එක රැයින් කෝටි 16ක් හොයාගෙන ලංකාවට එන කොල්ලෝ දෙන්නා

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කළ ජපානයේ තෝකියෝ මහාධිකරණය එම දෙදෙනාට පවුම් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ පෙරේදා (22 වැනිදා)ය. එරටින් පිටුවහල් කිරීමට එරෙහිව මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවුම් මිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා ජපන් රජයට එරෙහිව නඩු පවරා තිබිණි.

සරණාගතභාවය අහිමි වීමෙන් පසු නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබානොදී තමන් පිටුවහල් කළ බව කියමින් මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා නඩුව ගොනු කර ඇත.

මෙහිදී විනිසුරු යුතක හිරාටා පවසා ඇත්තේ ආගමන විගමන බලධාරීන් ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය යටතේ සහතික කර ඇති පරිදි නඩු විභාග කිරීමේ අයිතිය උල්ලංඝනය කළ බවයි.

ඔවුන් එම කාරණය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය රාජ්‍ය ‘හන් නීතියට’ පටහැනි බවද විනිසුරුවරයා පවසා තිබේ.

විදේශීය ජාතිකයෙකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට ජපාන අධිකරණයක් තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බව ජපාන ජනමාධ්‍ය වාර්තා කරයි.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
159
11.svg?v=2.6
අවුල් වගේ !
5
22.svg?v=2.6
හරි හිනා !
20
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
15
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොල්ලුරේගේ කාර්යාලය ගුරුවරුන් වටලයි

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ...

අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්! ‌මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා! (VIDEO)

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී...

ඇමති නාමල් ඉන්දීය අගමැති හමුවෙයි

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ...

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිසර් " එන්නත් මාත්‍රා ප්‍රමාණය 305,370 ක් අද දින...

පළාත් සංචරණ සීමා ගැන තීරණයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x