ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ)

ජයලාල් රෝහණ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මස 01 වනදාය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස ද, නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස ‍ඔහු කලා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය අතිමහත් ය.

අයෝමා, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය සහ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගනයෙන් එක්ව තිබුණි.

ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණි පාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති දහතුන ඇතුළත් ය.

වේදිකාවෙත් පුංචි තිරයෙත් දැක්වූ රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉසුරු යෝගයේ මුතුමිණ ගේ චරිතයත් සඳගලතැන්නේ ග්‍රාමසේවකගේ චරිතයත් ජයලාල් රෝහණ මහතාගේ රංගනයේ විශිෂ්ටත්වය අපූරුවට විදහා දැක්වීමට සමත් විය.

ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙසින් ද සිය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් සිනා සයුරක ගිල්වූ ජයලාල් රෝහණ මහතා සිය ජීවන ගමනට සමුදුන්නේ ඊයේ (11) රාත්‍රියේ ය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (12) පස්වරුවේ ගනේමුල්ල කොස්ඉන්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන එන ලද අතර පවුලේ ඥාතින් පැවසුවේ, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවය.

jayalal rohana photos 2
ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ) 7
jayalal rohana photos 3
ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ) 8
jayalal rohana photos 4
ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ) 9
jayalal rohana photos 5
ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ) 10
jayalal rohana photos 1
ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ) 11
jayalal rohana photos 1
ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ) 12

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රත්නපුරේ මැණික් පොකුරට මොකද වුණේ? මැණික් කෑලි අතින් අතට ගියාද? අධිකාරිය සද්ද නෑ..

රත්නපුරෙන් සොයාගත් රුපියල් කෝටි 2000 කට අධික වටිනාකමින් යුත් කොරන්ඩම් මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික්...

අම්මා ඇමරිකාවේ – තාත්තා ලංකාවේ – හැමෝම කතාවෙන කවුද මේ පවුල ?

ඔබත් මේ වෙනකොට දැකලා ඇති මේ පවුලේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේදි. ගොඩක් අය දැකලා තිබුණාට...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x