25 C
Colombo
Tuesday, April 13, 2021

ඩඩ්ලි සිරිසේනගේ උණවටුනේ ඉදිවුනු දකුණේ උසම හෝටලය විවෘත කිරීමේ ඡ‍ායාරෑප

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන පුරෝගාමී ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන, උණවටුන වෙරළ තීරයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළා. උණවටුන වෙරළට මීටර් 15 කට නොඅඩු දුරින් හෝටලයේ ඉදිකිරීම් භූමිය අක්කර 15 කට වඩා වැඩි වන අතර ගොඩනැගිල්ල අක්කර දෙකකට වඩා පුළුල් වන අතර මෙය දකුණේ ඉදිවුණු උසම හෝටලය ලෙසද සැලකේ. අරලිය උණවටුන බීච් හෝටලය (පුද්ගලික) සමාගමක විසින් හිමිකම ලබාගෙන ඇති අතර කාමර 200 කට අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ලෙසද මෙය හඳුවන්නට පුළුවන්. ඉතින් ඒ වගේම වෙරල තීරයට ආසන්නයේම ඉදි වූ නිසාම ඉතාමත්ම සුන්දර අලංකාරවත් දසුන් මෙන්ම වට පිටාවක් මෙම හෝටලයේ සිට නැරබීමට අවස්ථාව හිමිවෙනවා.

හරිත වනාන්තර සහිත මුහුදේ කොන්ක්‍රීට් ව්‍යුහයක් ලෙස මෙම ගොඩනැගිල්ල පවතින බැවින් එය සාගරයේ විශ්මය ජනක දසුනකට විවර වන අතර එය ඓතිහාසික වෙරළ තීරයේ සාගර දෘෂ්ටි කෝණය විනාශ කරන බවට පසුගිය කාලයේ බොහෝ දෙනෙක් මෙම ඉදිකිරීමට එරෙහිව අප්‍රසාදය පල කළා. කෙසේ වෙතත් දැන් මේ තරු පහේ සුඛෝපභෝගී හෝටල ඉදි වී අවසන්. ඉතින් මේ සුපිරි හෝටලය විවෘත කිරීමේ උත්සවයට අපේ රටේ ප්‍රධාන පෙළ පුද්ගලයින් රැසක්ම එකතුවෙලා ඉන්නවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ වෙරල තීරයට ඉතාමත්ම ආසන්නයෙන් ඉදිවුණු අරලිය උණවටුන බීච් හෝටලය විවෘත්ත කිරීමේ උත්සවයේදී ලබාගත් ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අනාගත කෘෂිකර්මාන්තයේ නව දැක්ම

Jhon deere - විශිෂ්ට ඇමරිකානු සන්නාමයක් වන Jhon deere කියන්නෙ power steering oil immersed...

ඩොලරය හමුවේ රුපියල 203 යි ශත 50 යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අඩුම අගය සලකුණු කළා.මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට...

අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සමාගම් මාෆියාවක

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.අසීමිත අන්තර්ජාල...

ශ‍්‍රී ලංකාවට සීමාරහිත අන්තර්ජාල පැකේජ.. TRC ප‍්‍රධානීගේ ප‍්‍රකාශය මෙන්න

මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ...

අපගේ නවතම පුවත්

3
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x