ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම පුද්ගලයින්ගේ සාම්පල් බුද්ධි අංශ විසින් ලබාදී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටී.
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සිදුකරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණවලදී දකුණු අප්‍රිකාවෙන් වාර්තාවූ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බවත් මෙම ආසාදිතයින් දෙදෙනා කටාර් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදී ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය මාර්තු මාසයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ වෛරස් සාම්පල් සම්බන්ධයෙන් වන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාව ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.