32 C
Colombo
Monday, May 17, 2021

ඩේවිඩ් වෝනර්ට අත්වූ අවාසනාවන්ත ඉරණම නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙයි

2021, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 28 වන තරඟය ලකුණු 55කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රබාත් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනු හයිද්‍රබාත් කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220ක්.

එහිදී ජෝෂ් බට්ලර් ලකුණු 124 ලබා ගත් අතර එය මෙවර තරඟාවලියේ දී ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි

අනතුරුව ලකුණු 221ක ජයග්‍රාහි  ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි, සන්රයිසස් පිළට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

මෙම තරඟයේදී හයිද්‍රභාත් කණ්ඩායම කේන් විලියම්සන් විසින් මෙහෙයවනු ලැබුවා.

ඒ, එම කණ්ඩායමේ කළමණාකරීත්වය විසින් නව නායක ලෙස ඔහු පත් කිරීම හේතුවෙන්.

මෙපමණ කාලයක් කණ්ඩායමේ නායකා ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර්ට ඊයේ දිනයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීමත් විශේෂත්වයක් වනවා.

කෙසේ වෙතත්, අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහු විසින් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත ජලය රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හයිද්‍රභාත් කණ්ඩායමේ පුහුණුකරු කියා සිටියේ, විදෙස් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

තම කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග 07න් 06ක් පරාජයට පත්ව තිබීම හේතුවෙන්, මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවත් එහිදී ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ඩේවිඩ් වෝනර් 12 වන ක්‍රීඩකයා ලෙස කණ්ඩායමේ රැඳි සිටිනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වූ බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පැවසූ බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
5
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
28
කුජීතයි !
6
මලපනිනව !
15
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන – නව නායකයා කුසල් ජනිත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා වන කුසල් ජනිත් පෙරේරා සිය කණ්ඩායමේ සගයින්ට බංගලාදේශ...

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.එම...

මාලිංග විස්සයි විස්ස පිටියත් හැර යන ලකුණු

තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x