31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

තත්ත්වය බරපතළයි – ජාතික රෝහලේ හදිසි අනතුරු ස්කෑන් නවතියි

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් අංශ වසා දමා ඇති බව වාර්තා වුණා.

විකිරණවේදීන් 13දෙනෙකු මෙලෙස ආසාදනය වී ඇති බව සඳහන්.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා පවසන්නේ මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

ඉන් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද ආසාදිත වී ඇති බවයි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ 50%ක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය යටතේ එය තව දුරටත් බරපතළ ගැටළුවක් බවට පත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම රජයේ සේවයේ ගැබිණි මවුවුරුන් සේවයට නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව ඇති පසුබිමක පොලොන්නරුව ‍රෝහලේ සේවය කරන ගැබිණි විකිරණ තාක්ෂණවේදිනියකට සේවයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බල කර ඇති බව ද ඔහු අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
19
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.භූ විද්‍යා හා පතල් කැණීම්...

සජිත් රජයෙන් කළ ඉල්ලීම

රටේ පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ...

ලන්ච් ෂීට් පාවිච්චිය ගැන ගනු ලැබූ තීරණය

ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ...

දෛනික ආසාදිතයින් 1,800 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ  1,835 දෙනෙකු අද (17) වාර්තාවූ බව ඇති බව යුද...

හදාවඩා ගැනීමට ගත් දරුවකු වසර 5ක් තිස්සේ අපයෝජනය කරලා

පියාට හදාවඩා ගැනීමට නොහැකිව අගහිඟකම් හේතුවෙන් වෙනත් පුද්ගලයකුට භාරදුන් පිරිමි දරුවකු කාලයක් තිස්සේ අපයෝජනය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x