26.9 C
Colombo
Thursday, June 17, 2021
logo

තත්පර 25න් ප්‍රතිඵල දෙන කොවිඩ් පරීක්ෂණයක් බ්‍රිතාන්‍යයෙන්

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් යොදාගෙන සිදු කළ ක්ෂණික කොවිඩ් පරීක්ෂණ වැඩපිළිවෙලක සාර්ථක ප්‍රතිඵල අත්විඳින්නට ඔවුන් සමත්වී තිබෙනවා.

අල්ට්‍රා රැපිඩ් කොවිඩ් පරීක්ෂණය ලෙසින් නම්කර ඇති මේ හරහා තත්පර 25ක් ඇතුලත කොවිඩ් ආසාදනය වී ඇත් ද සහ ආසාදනය වී ඇති කොවිඩ් ප්‍රභේදය කුමක් ද යන්න සොයාගත හැකි වනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන කැනරි ග්ලොබල් සමාගම විසින් මෙම පරීක්ෂණ කට්ටලය නිෂ්පාදනය කර ඇති අතර ඒ හරහා ලබාගත් දත්ත සහ දැනට භාවිත කෙරෙන කොවිඩ් පරීක්ෂණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම කෙටි කාලීන පරීක්ෂණයේ ප්‍රතිඵල සියයට 100ක් සාර්ථක බව හෙළිවී තිබෙනවා.

මෙම පරීක්ෂණ ක්‍රියාවලියට එක්වූ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම පවසන්නේ මෙම නව අත්හදා බැලීම කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයේ නව පිටුවක් පෙරළන බවයි.

මෙය විශේෂයෙන්ම සංචාරකයින් සඳහා භාවිත කළ හැකි ඉතා පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ලොව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය එරට වැසියන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයන් 12ක් සඳහා වාරණ පැනවූවා.යුරෝපීය, දකුණු ඇමරිකානු සංචාරක ගමනාන්තයන් ද මෙයට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලාංකික යුවළක් ජර්මනියේ දී දුම්රියට පනියි

ශ්‍රී ලාංකික යුවළක් ජර්මනියේ දී දිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා.මෙම යුවළ එරටට ගොස්...

ලෝකයම කළඹමින් ප්‍රංශ ජනපතිවරයාට කනේ පහරක් එල්ල කළ පුද්ගලයාගේ පැටිකිරිය මෙන්න

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ට කම්මුල් පහරක් ගැසූ පුද්ගලයා හිට්ලර් අනුගාමිකයකු බව හෙළි වී ඇත.ඔහුගේ...

කොරෝනාවට සමාන වෛරසයක් සොයාගනී

චීන පර්යේෂකයන් පිරිසක් වවුලන් තුළ නව කිරීටක වයිරස් සමූහයක් සොයාගෙන ඇති අතර ඉන් එකක්...

එන්නත විදගත්තොත් නොමිලේ ගංජා ජොයින්ට් එකක්

ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නා අය වෙනුවෙන් ගංජා සුරුට්ටුවක් නොමිලයේ ලබාදීමට...

ලොතරැයියක් වෙනුවෙන් සහෝදරියන් දෙදෙනාව යක්ෂයාට බිලි දුන් අමුතු සහෝදරයා

සහෝදරයෙකු විසින් සිය සහෝදරියන් දෙදෙනාව කෲර ලෙස පිහියකින් ඇන මරා දැමූ පුවතක් එංගලන්තයේ වෙම්බ්ලි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x