27 C
Colombo
Saturday, April 10, 2021

තත්වය නරක අතට

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන් ක‍්‍රියාවට නැංවීම සඳහා රජය බැ`දී නොමැති බව ඇතැම් අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළත් සත්‍ය තත්ත්වය වන්නේ එම යෝජනා අනිවාර්යෙන්ම ක‍්‍රියාවට නැංවිය යුතු බවයි.

වසර කීපයක්ම යෝජනා වූ ජිනීවා යෝජනාවන් ක‍්‍රියාවට නැංවීමට ඒ ඒ කාලවල රජයන් අපොහොසත් වී තිබීම නිසා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට හැරී ඇති බව කී මන්ත‍්‍රීවරයා එවැනි පසුබිමක අවාසනාවන්ත තත්ත්වය වන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මේ රටට පැමිණීම බවද පැවසීය.

ජිනීවා මානව හිමිකම් කමිටුවේ නිර්දේශවලට අනුව ශ‍්‍රී ලංකා රජයට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හා ජිනීවා යෝජනාවලට වගවීම් සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බව අමාත්‍යවරුන් තේරුම් ගෙන ප‍්‍රකාශ නිකුත් කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
අවුල් වගේ !
1
හරි හිනා !
52
හම්මෝ !
3
මාර දුකයි !
9
කුජීතයි !
21
මලපනිනව !
63
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මහමග කපා කොටාගනී.. දෙදෙනෙකු රෝහලේ

වව්නියාව තිරුනාවක්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදීගැනීමකදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට...

නිධන් හෑරු 11 දෙනෙකු අත්අඩංගුවට

වවුනියාව - තාලිකුලම - ශ්‍රී මුත්තුමාරි කෝවිල අසල නිධන් හෑරූ හිමිවරුන් දෙදෙනෙකු, පූජකවරයෙකු ඇතුළු...

ගංජා කිලෝග්‍රෑම් 50ක් හම්බෙගමුවෙන් හමුවෙයි

හම්බෙගමුව අරබෙගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී, වගාකර වේලා සකසන ලද කංසා කිලෝග්‍රෑම් 50ක්...

පොලිස් ජීප් රථයට ගල් ගැහුව පුද්ගලයා මාට්ටු වෙයි

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ...

රන්ජන්ගේ මන්ත්‍රී අසුන පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දන්වයි

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x