31 C
Colombo
Tuesday, April 20, 2021

තමන්ගේ ඉඩමද හන්තාන රක්ෂිතයට අයත් එකක් – කිරිඇල්ලගේ දියණිය පිළිගනියි

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ තමන්ගේ ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බවට පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පිළිගනු ලැබූවා. ඒ ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් ඉකුත් 2020 වසරේදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සමඟි ජන බලවේගයේ කාන්තා සංගමය වන සමඟි වනිතා පෙරමුණ විසින් මේ මාධ්‍ය හමුව පැවැත්වූ අතර සිංහරාජ වනාන්තරය එළි පෙහෙළි කරන ලද බවට රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇතැයි කියන භාග්‍යා අබේරත්න නමැති තරුණියට සහාය වීම සඳහා මේ මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණා.

මේ මාධ්‍ය හමුවට භාග්‍යා අබේරත්න ද සහභාගි වන බවට මාධ්‍ය දැනුම්වත් කර තිබුණද ඇය මේ අවස්ථාවට සහභාගි වූයේ නැහැ. අදාළ ඉඩම මීට වසර 30 කට පෙර තමාගේ පියා නීතිඥවරයෙක් ලෙස කටයුතු කරන සමයේ මිලදී ගත් එකක් බවත් 2010 ගැසට් පත්‍රයක් මඟින් හන්තාන රක්ෂිතයට ගැසට් කර පසු එය රක්ෂිතයට අයත්ව ඇති බවත් නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය මාධ්‍ය හමුවේ පවසා සිටියා. තමන් මෙම ඉඩමේ කිසිදු ගසකට හානි නොකල බවත් ඉඩමට ඇතුළුවීමට මාර්ගයක් සකසා ගැනීමට උස්ව වැවී තිබූ මානා පඳුරු අයින් කිරීම පමණක් සිදුකල බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය අදින් ආරම්භ වනවා.නව මාර්ගෝපදේශ...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ගැළණිගම සහ කහතුඩුව අතර ප්‍රදේශයේ දැඩි රථ...

ආණ්ඩුවත් එක්ක ඉන්නේ විකල්පයක් නැති නිසා

තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති...

කොමිෂම ගැන බය වෙන්න දෙයක් නෑ

වරාය නගර කොමිෂන් සභා පනත පිළිබඳව බිය නොවිය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා...

‘‘නැගිටිනකොටම ඇඟට පණ නෑ….” – මීගමුව රෝහලේදී එලොව ගිහින්, මෙලොව ආ පුද්ගලයා අත්දැකීම විස්තර කරයි

ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු 45 කි. සමගියෙන්...

පිං කැටය කඩන්න ආව තරුණයාට වැඩ වරදී – CCTV දර්ශන සහිතයි

නාවලපිටිය ශ්‍රි පාද මුලික පිරිවෙනෙහි දේව ප්‍රතිමාවන් අසල සහ බුදු මැදුරෙහි තිබෙන පිං කැටය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x