තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන 43 හැවිරිදි කට්ටඩියකු පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ මෙම කට්ටඩියා පදිංචි නිවසේදී ඔහුට පිහියෙන් ඇන ඇත්තේ පෙරේදා (10දා) පස්වරුවේ බවයි වාර්තා වන්නේ. 43 හැවිරිදි විවාහක පුද්ගලයකු එලෙස මරණයට පත්වී තිබෙනවා. ඔහු දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත විද්‍යා කටයුතු සහ කට්ටඩියෙකු ලෙස කටයුතු කරගෙන ගිය අයකු බව පොලිසිය සඳහන් කළේ.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලද එම පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.  ඝාතනය සිදුකළ සැකකරු ඊයේ අලූයම දෙකට පමණ අත්අඩංගුවට ගත් බවයි අප කළ විමසීමකදී පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ.

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීම සඳහා මියගිය අය ගුප්ත විද්‍යා කටයුත්තක් සිදු කළේ යැයි සැකයෙන් ඔහුගේ මරණය සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
3
හරි හිනා !
7
හම්මෝ !
1
මාර දුකයි !
2
කුජීතයි !
4
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“අනේ සර් නෝනවත් එක්ක යමුකෝ සර්.. – නෝනා එක්ක යන්න බැහැනේ..

ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයින...

තොණ්ඩුව කැමරාකර ‘මිතුරන්ට යවා’ ජීවිතයෙන් සමුගත් කවිකාර සිසුවා

ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තාක්‍ෂණ විෂයෙන් පෙනී සිටීමට සූදානම්ව අධ්‍යාපනය...

මේ කතාව හුස්ම අල්ලගෙන අමාරුවෙන් ජීවිතේ ඉල්ලන තවත් කෙනෙක් ගැන

කොවිඩ් මරුවා මේ වෙලාවෙත් ලෝකයේ කාගේ හෝ අසරණ ජීවිතයක් හිත්පිත් නැතුව බිලිගනිමින් සිටිනවා. ඒ අතරතුරත්...

මිනිස්සු කෑගහන සද්දෙට මාත් බලන්න ගියා. මගෙ මහත්තයයි, දරුවයි, මහත්තයාගෙ යාලුවයි බිම වැටිලා හිටියා.

මේ ශෝචනීය හඬ ඇසුණේ පසුගිය දා රටම කම්පා කළ පුවතක් බවට පත් වූ සරුංගලයක්...

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

Online පන්ති කිරීමට අරන් දුන් ජංගම දුරකතනයෙන් ඇය සොයා ගිය උසස්පෙල සිසුවා රෝහලේ

දුප්පත් පවුලක දරුවකු වන මොහු සතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබුණේ නැත. කන්න නැතත් දරුවාට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x