තරුණයෙකුට දිවි අහිමි කළ අනතුර – තවත් අයෙකුට බරපතළයි (CCTV දර්ශන)

නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (12) රාත්‍රී 11.30ට පමණ වේගයෙන් පැමිණි යතුරුපැදියක් එක්වරම U හැරවුමකින් හරවා ඉදිරියට ගමන් කරනවාත් සමග ම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුර සිදුවේ.

අනතුරින් පසුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

යතුරුපැදිකරු හා පසුපැදිකරු බීමතින් සිට ඇති බවත් නොසැලකිළිමත් ලෙස යතුරුපැදිය පැදවීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අනතුරින් 30 හැවිරිදි පෙරමුණ මාවත, ඇල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සංඛ විශුද්ධි මුණසිංහ නැමති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, තවත් රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව සඳහන් වේ.

මේ අතර මහනුවර යාපනය මාර්ගයේ ගමන් කළ බස් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
5
කුජීතයි !
1
මලපනිනව !
6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කළු, නිල්වලා සහ ගිං ගංගා අසල ජීවත්වන ජනතාවට දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම්...

දරු ගැබත් සමග ‘තවත් මවක්’ සමුගනී

කොවිඩ් ආසාදිත හතරවන ගර්භණී කාන්තා මරණය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වාර්තා වනවා.තිස්සමහාරාම, යායගොඩ ප්‍රදේශයේ...

සංචරණ සීමා පැනවීම ගැන PHI සංගමයේ දැන් අදහස

ඊයේ (13) රාත්‍රියේ සිට පැනවූ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් නව ආසාදිතයින් 15000ක පමණ ප්‍රමාණයක්...

මෙරට පොහොසතුන් වෙත විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් මෙරට වෙසෙන දානපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක්...

සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොරෝනා ආසාදනය වී අපවත් වෙයි

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා...

මම අදත් 8 දෙනෙක්ට විතර වැක්සින් එක අරන් දුන්නා – රාජිත සේනාරත්න

තමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට උදව් කල බව සමඟි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x