32 C
Colombo
Thursday, April 22, 2021

තරුණිය ගැන විමර්ශනවලින් එළියට ආපු පුදුම සහගත හෙළිදරව්ව මෙන්න

අනියම් පෙම්වතිය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණද බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය සමඟ හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කළේ ඇය ඝාතනය කිරීමේ අදහසකින් හෝ ඇය ඝාතනය කිරීමට පෙර සිටම හිතේ තිබූ සැලැස්මක් මත හෝ නොවන බව විමර්ශනවලදී ඒත්තු ගොස් තිබේ.

එවන් සැලසුමක් උප පොලිස් පරීක්ෂකවරයාගේ සිතේ තිබුණේ නම් ඔහු ඇය සමඟ මෙම හෝටලයේ නවාතැන් ගැනීමට එන විටදී පිහියක් අනිවාර්යයෙන්ම සඟවා ගෙන රැගෙන එන බව මේ පිළිබඳ විමර්ශන කරන නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

ඇය හා ඔහු හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොළේ කාමරයක රැඳී සිටියදී ඇති වූ ප්‍රශ්නයක් මත ඒ මොහොතේ හටගත් ක්ෂණික කෝපයක් හේතුවෙන් ඔහු විසින් ඇය එකවර මරාදමන්නට ඇතැයි සැකකරන බවත් නැතහොත් ඔහු අතින් ඇය මියයන්නට ඇතැයි සිතිය හැකි බවත් එහෙත් ඔහු එවන් දෙයක් කරන්නට ඇත්තේ ඇය මරා දැමීමේ අදහසින් නොවන බවට සැකකළ හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත උප පොලිස් පරීක්ෂක පෙම්වතා විසින් ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය මරණයට පත් වන්නට ඇතැයි සැක හිතන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇගේ මරණයත් සමඟ බියට පත්වූ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය කවුදැයි හඳුනාගැනීම වැළැක්වීම සඳහා ඉන්පසු හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන ඇවිත් මියගිය පෙම්වතියගේ ගෙල සිඳලන්නට ඇතැයි සිතිය හැකි බවත් එම නිලධාරියා කියයි.

මෙම තරුණියගේ හිස කඳින් වෙන් කර ඇත්තේ ඝාතනයට පසුව බවට වෛද්‍ය වාර්තාවේද නිගමනය වී තිබේ.

උප පොලිස් පරීක්ෂක පෙම්වතාට ඇය ඝාතනය කිරීමට සැලැසුමක් තිබුණේ නම් ඔහුට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සූදානම් කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණු බවත් ඒ අනුව විමර්ශනයේදී සැකකළ හැක්කේ ඔහු තම පෙම්වතිය හෝටල් කාමරයට ගෙනැවිත් ඇත්තේ ඇයව ඝාතනය කිරීමේ අදහසකින් නොවන බැව් පැහැදිලි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

=====================

දිවයින පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මරා දැමුණු තරුණියගේ හිස සොයා පොලිස් කණ්ඩායම් ඊයේ (9දා) බුත්තල පොලිසියේ කොන්ක්‍රීට් වැසිකිළි වළවල් පවා සෝදිසි කිරීමට පියවර ගත්තේය.

ඊට හේතුව වූයේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බඩල්කුඹුර නිවෙසට ගොස් ඊට පසුදින බුත්තල පොලිසියටද ගොස් ඇති හෙයිනි.

එහිදී එම උප පොලිස් පරීක්ෂකවරයා කිසිදු සැකයක් නොසිතෙන ආකාරයෙන් සුපුරුදු ලෙස හැසිරී ඇති බවත් එහිදී පොලිස් කාන්තාවක් සමඟද කතාබස් කර ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබිණි.

මෙම පොලිස් කාන්තාවගේ පුතා හා උප පොලිස් පරීක්ෂකවරයාගේ දියණිය එකම පන්තියේ ඉගෙනුම ලබන බවත් එහිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඇයට තම දියණියගේ විභාගයක ලකුණු පවා පවසා ඇති බවත් සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා කීවේය. ඉන් අනතුරුව උප පොලිස් පරික්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී ණය ඉල්ලුම් පතකට ඔහුගේ අස්සන් පවා ලබාගෙන තිබිණි.


මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් තරුණියක්

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119)...

පිය සෙනෙහසට අමානුෂිකව පහරදුන් පව්කාර දියණිය

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය...

පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධකයක් අසළ රාජකාරියේ නිරතව සිටි නිළධාරින් යට කර පලා යාමට උත්සහා කළ කැබ් රථයකට වෙඩි

යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ...

කැලණිය පුද බිම අසලදී 45ක් පමණ වයසැති පුද්ගලයෙකු සියදිවියෙන් සමුගනි

ගසක එල්ලී සියදිවි හානිකර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය රජමහා විහාරස්ථානය අසල එම විහාරයට...

පස්සර බස් අනතුර සිදුකළ රියැදුරා යුද හමුදාවෙන් පැන ගිය අයෙක්

මගින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ පෞද්ගලික බස්රියේ...

තරුණයෙකුගේ ආශාවන් සංසිඳුවන්න 13 හැවිරිදි පාසල් සිසුවියව,තෑගී දුන්නු මීගමුව සුපිරි හෝටලේ හිමිකරුගේ පැටිකිරිය

මුහුණු පොත හරහා හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ලේ සිට මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x