31 C
Colombo
Tuesday, December 7, 2021
Atlas Ad

තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

තලංගම, කිඹූලාවල සහ තලවතුගොඩ යන ප්‍රදේශවලදී අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර නාලක වන්නිආරච්චිගේ ටෙරන්ස් දීපාල් නැමති පුද්ගලයාද සිටින බව පොලීසිය පවසයි. ඔහුව “තලවතුගොඩ බොත්තමා” යන නමින් ද ප්‍රසිද්ධය. 

තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 

එම සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 140ක් සහ හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 800ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 30, 34 සහ 44 වයස් වල පසුවන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය පැවසීය

සැකකරුවන් අද (01) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර අතුරුගිරිය පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 106ක් සහ රුපියල් ලක්ෂ 6කට අධික මුදලකක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගනෙ තිබේ.

ඊයේ (31) පොලිස් විශේෂකාර්ය බළකායේ බුද්ධි කොට්ඨසයට ලද තොරතුරකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්