තවත් කොරෝනා ආසාදිතයන් 144ක් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 144 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 86227ක් ලෙසටයි. ඉන් 2732ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාවය 86227ක්. මෙරටින් කොරෝනා මරණ 538ක් ද වාර්තාවුනා. මේ අතර පසුගිය ජනවාරි මස 29 වනදා සිට මේ දක්වා මෙරට පුද්ගලයන් 815585 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ගතවූ පැය 24ක කාලය තුල පමණක් එන්නත ලබාදී ඇති සමස්ත සංඛ්‍යාව 9136ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්