තවත් කොවිඩ් පොකුරක්

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 114 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය මස 31 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 170කින් එම ආසාදිතයින් හඳුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දුමිත්‍රී කහංගම මහතා පැවසීය.

කෙසේවෙතත් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසක් මෙම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව ඔහු කීය.

ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වූ බව එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් 566 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර ඊයේ (01) දින වාර්තා වු කොවිඩ් මරණ 04ත් සමග එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ 18 දක්වා ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
4
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
12
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉෂාලිනිගේ දේහය තැම්පත් කළ ඩයගම සුසාන භූමියට පොලිස් ආරක්ෂාව

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිණි ඇවිලීමෙන් මිය ගිය...

පාසල් විවෘත කිරීම ගැන බලාපොරොත්තුවක්

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව...

කාලගුණ අනාවැකි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.බස්නාහිර පළාතේ සහ ගාල්ල...

උමං මාර්ගයක් අසල රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ...

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර, රත්නපුරෙන් මතු වෙයි

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x