තවත් මහපරිමාණයේ ජාවාරමක් ශ්‍රී ලංකා රේගුවේ දි මාට්ටු

මහපරිමාණයේ රත්‍රං ජාවාරමක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (27) සමත්විය.

ව්‍යාජ ව්‍යාපාර නාමයක් භාවිත කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා මෙම දැවැන්ත රත්‍රං ජාවාරම සිදුකර තිබේ.

මෙහිදී එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා විදුලි උපකරණ යන්ත්‍රවල කොටස් ආනයනය කරන බව පවසමින් සූක්ෂම ලෙස සඟවා රත්‍රං කිලෝ 16ක් ගෙන්වා තිබේ.

මෙම භාණ්ඩවල අභ්‍යන්තර කොටස් රත්‍රංවලින් නිෂ්පාදනය කර එහි සවිකරමින් ගෙන්වීමට කටයුතු කර තිබෙන අතර රේගු නිලධාරීන් පවසන්නේ මෙම සුවිශේෂි වැටලීමක් බවය. 

මෙම රත්‍රංවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 220කට ආසන්න බව වාර්තා වෙයි.

මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
8
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුරුවරු නැතුව පාසල් අරඹන ක්‍රමයක් ආණ්ඩුව සොයාගනී

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා...

අර්ධ ශතකයක් වෙනුවෙන් විකට නළු බන්දු සමරසිංහට ලැබුණු අමිල තිළිණය – Photos

ලංකේය සිනමාව වෙනුවෙන් වසර පනහක් කළ සේවය අගයා ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහට අපූරු...

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

කොවිඩ් එන්නත් හේතුවෙන් මාතර පාසලක උණුසුම් තත්ත්වයක්

මාතර ශාරිපුත්‍ර ද්විතීයික විද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ, එම පාසලේ ක්‍රියාත්මක...

දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව කල් යයි

හෙට සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x