28 C
Colombo
Tuesday, September 21, 2021

ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් විය හැකි බවය.

ඊයේ රාත්‍රීයේ දී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා තිබේ.

කෙසේවෙතත් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 28 හැවිරිදි නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට අනාවරණය වු බවත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අද මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,382 දෙනෙකු අද (16) හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා...

මං අතින් අතට යන කෙල්ලෙක් නොවේ ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර – පුෂ්පිකා

ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමඟ තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස බලන්න ගියා යැයි එල්ලවන චෝදනා...

මහින්දට වඩා ගෝඨා හොදට කලා – නාලක ගොඩහේවා

ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා...

ලඟදීම රටට වෙන්න යන දේ ගැන පාඨලී චම්පික අනතුරු අඟවයි

අද මෙරට තිබෙන ප්‍රධානම අර්බුදය කුමක්දැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ඒ ලංකාවට...

උසස් පෙළ අයදුම්පත් පමණයි, විදුහල්පතිවරුන් ගත් තීරණය

මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් අනිද්දා (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x