32 C
Colombo
Thursday, April 22, 2021

තාත්තාට කරන්න බැරි දේ කළ පොලිස් අම්මා ඇගයීමට ලක්වේ

කැගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රාථමිකය අසල ජනවාරි මස 24 වැනි දින රාජකාරියේ යෙදී සිටි කැගල්ල පොලිස් ස්ථානයට අනුයුක්ව සේවය කරන කාන්තා පොලිස් සැරයන් (5369) ඉනෝකා මල්කාන්ති මහත්මිය විසින් එදින පියා සමග පැමිණි දැරියක් මෝටර් රථයෙන් බැසීමේ දී ගොතා තිබූ කොණ්ඩය විසිරීයෑම නිසා පියා හා එම දැරිය මහත් අපහසුතාවයට පත්වූ අවස්ථාවේදී එම දැරියට පිහිටවී ඇත.

පියා විසින් කිහිප වරක් දැරියගේ කොණ්ඩය ගෙතීමට උත්සහා කළත් එය අසාර්ථක විය. එහිදී අසල සිටි පොලිස් නිලධාරිනිය දැරියගේ කොණ්ඩය ගොතාදීමෙන් ඇයට නියමිත වේලාවට පාසලට යාමට හැකිවිය.

දැරියගේ පියා විසින් මුහුණු පොතේ පොලිස් නිලධාරිනිය කළ උපකාරය පිළිබඳව ස්තුතිය පල කිරිමෙන් පසුව පොලිස් පතිවරයාගේ අවධානය මේ පිළිබදව යොමුවීමෙන් අදාළ පොලිස් නිලධාරිනියගේ සේවය ඇගයීම වෙනුවෙන් රුපියල් දස දහසක ත්‍යාගයක් පිරි නැමීමට කටයුතු කරන ලදී.

අදාළ නිලධාරිනියට ත්‍යාග මුදල ප්‍රදානය කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ කාර්යාලයේ දී සිදු කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සමගි ජන බලවේග මන්ත‍්‍රී පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ

මෙරට තුළ නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනය කරන මත්පැන් බෝතල් වල විශේෂ ස්ටිකරයක් ඇලවීමට...

අවුරුදු සතියේ රිය අනතුරුවලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය...

ගැටුමකින් කෙළවර වූ සාදය – CCTV දර්ශන සහිතයි

සාදයක් අතරතුර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක් පිළිබඳව ත්‍රිකුණාමලයෙන් වාර්තා විය.ත්‍රිකුණාමලය සුමේත්‍රාගම...

හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවෙකු කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ නව හෙට්ටිවීදිය මාර්ගයේදී ඊයේ (17) අත්අඩංගුවටගෙන තිබේ.මත්ද්‍රව්‍ය...

කහ ඉර මත සිදුවු අනතුරක් (CCTV දර්ශන)

කොස්ගම, අලුත් අම්බලම ප්‍රදේශයේ දී කහ ඉරක් මතින් පාර මාරුවීමට යෑමේ දී පුද්ගලයෙක් ත්‍රීරෝද...

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x