27 C
Colombo
Sunday, April 11, 2021

තුන්වන කොවිඩ් රැල්ලක් ගැන PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගතවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එසේ වුවහොත් රට දැඩි ව්‍යසනයකට මුහුණ දෙන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ හලාවත පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති නත්තල් උත්සවයෙන් පසුව රට තුළ කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමක් දක්නට ලැබූ බවත්, එළඹෙන උත්සව සමයේදී ජනතාව ස්වයං පාලනයකින් තොරව කටයුතු නොකළහොත් මැයි මාසය අග භාගය වන විට කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක රට තුළ දක්නට ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් යම් සංචරණ සීමා පැනවීමට සහ නිසි මාර්ගෝපදේශ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කටයුතු කළ යුතු බවයි ඔහු මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ...

සහල් කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති

සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට...

සංචාරක කර්මාන්තයේ නිරතවන්නන්ට සුභ ආරංචියක්

සංචාරක කර්මාන්තයේ නිරතව සිටින පාර්ශවයන්ගෙන් පළාත් පාලන මට්ටමින් අය කරන බදු අඩු කිරීම කෙරෙහි...

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු...

බදුල්ල රෝහලේ අසාමාන්‍ය සැත්කමක්

තරුණියකගේ උපතින්ම කන්වල පිහිටි අසාමාන්‍ය තත්ත්වයක් රූපලාවන්‍ය සැත්කමක් මගින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බදුල්ල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x