තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමග STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කරුපයියා බාලන් නොහොත් තෙල් බාලා නැමති සංවිධානාත්මක අපරාධකරුගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරුපයියා නිර්මලා නම් සැකකාරිය 41 හැවිරිදි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

එම කාන්තාව මෙරට අපරාධ රැසකින් පසු ඉන්දියාවට පළාගොස් සිටින තෙල් බාලා නම් සැකකරුගේ දියණිය බවට හෙළිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් ද සොයාගෙන ඇති බවයි.

අදාළ කාන්තාව විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට  භාරදී තිබෙනවා. මෙම සැකකාරියගේ පියා වන තෙල් බාලා නම් සැකකරු මෙරට සිදුකළ අපරාධ රැසකින් පසු මීට වසර 15කට පමණ පෙර ඉන්දියාවට පළාගොස් ඇති අතර අනතුරුව මීට වසර තුනකට පමණ පෙර ඔහු තමිල්නාඩුවේදී මරණයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධිවේගී මාර්ගයේ සැප වාහනයක මල සිරුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස්...

කොරෝනා වැඩිවීම ගැන ජනතාවට දැනුම් දීමක්

දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බැවින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට...

අනියම් පෙම්වතා සමඟ එක්ව සිය කුසින් උපන් දරුවාට වධහිංසා ලක් කළ පාපතර මව

මාස 6ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ...

අනියම් පෙම්වතිය දුරකථන ඇමතුමට සම්බන්ධ වුණේ නැහැ කියලා 20 හැවිරිදි විවාහකයා සියදිවි නසාගෙන

අනියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන...

ජාතික රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x