26 C
Colombo
Saturday, May 15, 2021

තෙවන කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම තත්ත්වය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට බලපෑ හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 314ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දෙනෙකු දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා මරණ 5ක් ද ඊයේ දිනයේ වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 80ත්, 51ත් අතර වියේ පසුවන්නන්.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 5ම පිරිමි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 341 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 210 දෙනා කාන්තාවන්.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 29,312 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,838 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6562කුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලට අමතර මහනුවරින් ආසාදිතයින් 4158 දෙනෙකුත්, රත්නපුරයෙන් 2758 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා. මේ අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ චීන සිනොෆාම් කොරෝනා එන්නත මෙරට ජනතාව සඳහා එන්නත් කිරීමට මෙතෙක් පූර්ණ අනුමැතිය ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කළු, නිල්වලා සහ ගිං ගංගා අසල ජීවත්වන ජනතාවට දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම්...

පොලිස් වෙඩි තැබීමකින් ඌරු ජුවා මරුට

“ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.එම වෙඩි තැබීම...

දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම්...

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව හොර රහසේ එලියට – හමුදා ආරක්‍ෂාව ඉල්ලයි

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා...

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.වෛද්‍ය ප්‍රතිකාර සඳහා...

රාමසාන් දිනය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදයි.රාමලාන් මාසයේ උපවාස ශීලය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x