දක්ෂිණ අධිවේගයේ පිවිසුම් 04ක සේවකයින් පිරිසකට කොරෝනා

මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද කහතුඩුව පිවිසුමෙන් පිටත් කර යැවෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඊට හේතු වී ඇත්තේ කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීමයි.

ඒ අනුව කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියදුරන්ට රථ වාහන පිටතට දැමිය යුතු අතර අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ඇති ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියදුරන්ට යළි කහතුඩුවෙන් අධිවේගී මාර්ගයට පිවිස කටුනායක දෙසට ගමන් කළ හැකියි. ඒ අනුව ගෙවීම් කවුළු විවෘතව පවතින ස්ථානවලදී පමණක් රියදුරන්ට මුදල් ගෙවීම් කළ හැකි අතර අනෙකුත් පිටවීමේ ස්ථානවලදී මුදල් ගෙවීමක් සිදුනොකර පිටව යා හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හදිස්සියේ මේ මොහොතේ සිට හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම්...

පොලිස් විශේෂ කාර්ය බලකායට අලුත් ඒකකයක් එකතු වෙයි !

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා ‘දිය මත විශේෂ මෙහෙයුම් ඒකකය’ (Special Water-borne Squadron) නම්...

පොල්තෙල් සම්බන්ධයෙන් නිකුත් විශේෂ ගැසට් නිවේදනය

ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය...

ගැබිනි කාන්තාවන් ට සහ දරුවන් ට අනතුරුදායක කොව්ඩ් ප්‍රභේදයක්

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට...

කොවිඩ් ආසාදිත පුත්‍රයාව හොර රහසේ විභාගයකට ගෙනිහින් මාමාට සිදු වු දේ

කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු   විභාගයක් සඳහා රැගෙන ගිය එම සිසුවාගේ මාමාට  එරෙහිව...

තවත් ගැබිණි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මියයයි

කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x