දකුණු කොරියානු නිලධාරියකු ඝාතනය කොට සිරුර පුළුස්සා දැමීමේ සිද්ධිය ගැන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමාව ඉල්ලා තිබෙනවා.
කිම් ජොන් උන් දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් ගෙන් මේ සිද්ධිය සිදු නොවිය යුතුව තිබිණැයි සමාව ඉල්ලා ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
දකුණු කොරියාව ප්රකාශ කරන්නේ 47 හැවිරිදි මිය ගිය තැනැත්තාගේ සිරුර මුර සංචාරයේ නිරත තම හමුදාවට සොයා ගැනීමට ලැබී ඇති බවයි.