26.9 C
Colombo
Tuesday, September 28, 2021

දත්ත ගැටලුව නිවැරදි වූ විට මරණ අනුපාතිකය අඩුවේවි

කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව කී වෛද්‍යවරයා මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සැබෑ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය ද අඩුවනු ඇතැයි සඳහන් කළේය.

මෙය දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.

දත්ත පද්ධතියේ සිදුවූ එම වරද නිවැරදි කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ නිලධාරීන් ගෙන්වා අවශ්‍ය අධ්‍යයනය කටයුතු සිදුකරමින් සිටින බව කී බටුවන්තුඩාව මහතා සිදුවූ වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
18
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
7
30.svg?v=2.6
කුජීතයි !
13
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොකේම පුදුම කළ එන්නත් කරන වැඩ සටහන

තලවකැලේ නගරයේ යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙයි. තලවකැලේ නගරයේ වෙසෙන යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු...

කාන්තාවන්ගේ ස්වභාවික ආශාවේ කැපී පෙනෙන වෙනසක් වෙලා

කාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත් වී සමලිංගික සේවනයට හුරු වී ඇති බව...

තවත් කොරෝනා මරණ 79ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 79ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව...

ගතේ හයිය නැතත් හිතේ හයියෙන් A 9ක් ගත් දිරිය දියණිය

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික...

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

යුද්ධය අවසන් කරමින් රටේ විවිධ සංවර්ධන කටයුතු කළ රාජපක්ෂලාට බනින කටවල් වලට හෙන 7ක්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x