දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේත් එළවලු මිල ඉහලට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු මිල ඉහළ යද්දී විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල ,ලොකු ළුෑණු ,වියලි මිරිස් ,වටානා පරිප්පු ආදී අහාර ද්‍රව්‍ය රැසක මිල 17 දින සිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසයි.

ඉකුත් සතියට වඩා විශාල වශයෙන් විදේශීය රටවලින් ගෙන්වන මෙම ආහාර ද්‍රව්‍ය ඉහළ යෑම සිදුව ඇත්තේ රටේ පවතින ඩොලර් හිගය නිසාවෙන් බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.

රුපියල් 140 ක් ව පැවති විදේශීි දේශීය ලොකු ලුනු කිලෝවක තොග මිල රුපියල් ද250 ත් 260 දක්වා රුපියල් 160 ක් ව පැවති දේශීය ලොකු ලුනු කිලෝවක් රුපියල් 260 ත් 270 දක්වා ඉහළ ගොස් තිබෙනවා.රුපියල් හාරසියක් 450 ත් 500 අතර මිල ගණන් යටතේ අලෙවි වූ වියලි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවත් රුපියල් එකසිය තිහක් පැවති වටානා පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 130 සිට 170 දක්වා වැඩි වීම ද විශේෂත්වයක්. ඒ අනුව විදේශීය රටවලින් ගෙන්වන පරිප්පු ,සීනි, සුදුලුනු ආදී වර්ග වල මිල ද ඉහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා.

මීට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද පසුගිය දිනට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති අතර ගොවීන් කියා සිටින්නේ තමන් රැගෙන එන එළවලූ ළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් අකමැත්තක් දක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
5
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්