30 C
Colombo
Friday, September 17, 2021

දරුවන්ට ඔන්ලයින් හිංසන වැඩි ප්‍රදේශ දෙකක්

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හඳුනා ගෙන ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ප්‍රදේශ එලෙස හඳුනා ගෙන ඇති අතර මෙම ප්‍රදේශවල එවැනි සිදුවීම් වැඩිවීමට හේතුව නිශ්චිත වශයෙන් තහවුරු වී නැති බවත් ඒ පිලිබඳ කරුණු සොයමින් සිටින බව ඒ මහතා සඳහන් කරයි.බොහෝ විට හෝමාගම වැනි ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් වැඩි පිරිසක් සිටීම මෙයට හේතු විය හැකි බවට සැක කරන බව මහාචාර්යවරයා සඳහන් කරයි.

මේ අතර පසුගිය වසර පහ සැලකිල්ලට ගත් කළ ඔන්ලයින් හිංසන වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ පසුගිය 2020 වසරේදීය. එම වර්ෂයේදී වාර්තා වී ඇති ඔන්ලයින් හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 152කි.

එසේම මේ වසරේ මේ දක්වා එම පැමිණිලි 74ක් වාර්තා වී ඇති අතර ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවන් අතට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වශයෙන් පත්වීමෙන් හිංසන ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකයක් වී තිබෙන බව ළමාරක්ෂක අධිකාරිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පාසල් ආරම්භ කිරිමට අදාළව සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් පළමු නිවේදනය

කොවිඩ් හේතුවෙන් වසා තැබුනු පාසල් යලි විවෘත කිරීම සම්බන්ධව වන තාක්ෂණික කමිටුව පළමු නිවේදනය...

එන්නත්කරණයේ ප්‍රතිඵල ගැන හෙළිවුණු අලුත් ම පර්යේෂණ වාර්තාව

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා...

අගමැතිට ඉතාලියේදී ඉහළ පිළිගැනීමක්

ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (12) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

බස් සේවකයන් 50,000ක් බස් හිමියන් 11,000ක් අනාථයි!

පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x