දරුවන් 65ක ළමා නිවාසයක් -ඉන් දරුවන් 12කට කොවිඩ්

බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා

මෙම ළමා නිවාසයේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි සේවකයකුට ඉකුත් දිනක කොරෝනා ආසාදනය වී තිබෙනවා .

ඒ අනුව එම සේවකයා සමඟ ළඟින් ඇසුරු කළ සේවකයන් දෙදෙනකු හා ළමයින් දහනව දෙනෙකු ඉකුත් 12 දින පරීක්ෂණ ට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ

මෙම පරීක්ෂණ වාර්තා ඊයේ (15) දින ලැබී තිබෙනවා

ඒ අනුව එම අය අතුරෙන් පරිවාස ළමයින් දොළොස් දෙනකුට හා සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැව් තහවුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ .

මේ වනවිට එම කොරෝනා ආසාදනය වූ ළමයින් හා සේවකයන් දෙදෙනා ආරච්චිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට තිබෙනවා

මෙම පරිවාස බාරයේ ඇති ළමා නිවාසයේ පරිවාස ළමයින් හැට පස් දෙනකු හා සේවකයන් පහළොස් දෙනෙකු සිටින අතර පි. සි. ආර් පරීක්ෂණ සඳහා යොමුනොකර සිටි අනෙකුත් ළමයි හා සේවකයන් පි. සි. ආර් පරීක්ෂණ සදහා යොමුකිරිමට නියමිත බැව් සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රටේම අවධානය ගනිමින් අතුරුදන් වූ 14 හැවිරිදි සිසුවා හමු වූ තැන මෙන්න

දින හතක් පුරා නිවසින් අතුරුදන්ව සිටි රත්නපුර, බටුහේන ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා මීට ටික...

රත්නපුරයෙන් හමු වු මැණික් පොකුර විදෙස් වෙන්දේසියට ?

ලොව විශාලතම මැණික් පොකුර ලෙස සැළකෙන රත්නපුරයෙන් හමු වු  මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා...

“..මුලින්ම මැසේජ් එව්වේ.. පස්සෙ ඒ මාමා ….. පටන් ගත්තා..”

ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට සිය 15 හැවිරිදි දියණියට මව විසින් මිලදී ගෙන තිබූ නවීන පන්නයේ ජංගම...

ඉෂාලිනිගේ මරණ වාර්තාව දුටු මවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x