29 C
Colombo
Friday, September 17, 2021

දැඩි සත්කාර ඒකකයේ දොරත් කඩාගෙන පැනයාමට තැත්කළ ආසාදිතයා ඇදවැටී මරුට

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් අවසිහියෙන් පැනයෑමට උත්සාහ කළ ආසාදිතයෙක් මරණයට පත්වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ “මෙත්සිරි සෙවණ “කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (11) අලුයම 3.00ට පමණ අවසිහියෙන් පළායාමට දැරූ උත්සාහයේදී රෝගී තත්ත්වය උත්සන්න වී පසුව මරණයට පත්වී ඇත.

අනුරාධපුර යසසිරිපුර පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි මියගිය එම තැනැත්තා එක්දරු පියෙකි.

මොහු කොරෝනා වෛරසය ආසාදනය වී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් ඇතුළත් කෙරෙන අංක – 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්නවී මෙත්සිරි සෙවණේ දැඩිසත්කාර ඒකකයට ඊයේ (10) පස්වරුවේ ඇතුළත්කර තිබිණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද අලුයම අවසිහියෙන් ඔක්සිජන් හා සේලයින් සම්බන්ධතා ගලවා ඇඳෙන් නැගිට දැඩි සත්කාර ඒකකයේ දොරේ වීදුරුවද කඩාගෙන එළියට පැන දිවයද්දී ඇදවැටී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මෙත්සිරි සෙවනේ කාර්ය මණ්ඩලයේ අය බිම වැටී සිටි එම ආසාදිතයා ව ගිලන් ඇඳක තබාගෙන නැවත දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ප්‍රතිකාර කිරීම ආරම්භකර ටික වෙලාවකින් මියගිය බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
17
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පාසල් අරඹන ක්‍රමය

ඊයේ (15) පැවැති සාකච්ඡාවකදී ලබාගත් ප්‍රතිපත්තිමය තීන්දුවට අනුව ඉදිරි සති දෙක තුන ඇතුළත පාසල්...

තවත් ආසාදිතයන් 1,755ක්.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,755ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...

එන්නත් නොගත් අයට රතු එළියක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල...

අම්මගේ මිනිය ගෙදර තියන් අවුරුද්දකට වැඩිය කාලයක් පුතා කල මහා අපරාධය

සිය මවට ලැබෙන මාසික විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ඔස්ට්‍රිරයානු ජාතිකයෙකු වසරකට අධික කාලයක්...

රූ රැජිනක් සමග වැලිකඩට පැන්න ඇමති මාට්ටු, ඉල්ලා අස්වන්නැයි කියයි

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x