දියණියගේ මංගල්‍යට සල්ලි හොයන්න SI කුඩු ඇද්ද ලු

දියණියගේ මංගල උත්සවය තරුපහේ හෝටලයක ඉහළින් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමන් මෙම කුඩු ජාවාරමට සම්බන්ධ වූ බව රුපියල් කෝටි 52 ක හෙරොයින් තොගයක් රාජකාරි නිල ඇඳුමින් කොළඹට ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇති බව අද (21) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අනාවරණය වුණා.

මීට සති තුනකට පමණ උඩදීද මෙම නිලධාරියා සිය රාජකාරි නිල ඇඳුමින් සැරසී ගොස් දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 75 ක් කොළඹට ප‍්‍රවාහනය කර ඇතැයිද එම හෙරොයින් තොගය කොළඹට ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් රුපියල් විසිලක්‍ෂයක මුදලක් හෙරොයින් ජාවාරම්කරුවන් විසින් ගෙවා ඇති බවද මේ වන විට හෙළිදරව්වී ඇති බව එහිදී සඳහන් වුණා.

කළුතර දකුණ පොලිසියේ නිලධාරියෙක් හෙරොයින් තොග පිටින් කොළඹට ප‍්‍රවාහනය කරන බවට මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙතයි.

පසුව මෙම ජාවාරම පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථාන අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වෙත භාරදීමට පතිනායක මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දින පහක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් පසු මෙම ජාවාරම සිදුවන ආකාරය හෙළිදරව් කර ගැනීමට නිශාන්ත සොයිසා සහ පොලිස් පරීක්‍ෂක පද්මලාල් ඇතුළු නිලධාරීන් සමත් වුණා.

ඉකුත් 18 වැනිදා රාති‍්‍රයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් ගාල්ල හබරාදුව ප‍්‍රදේශයේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. හබරාදුව ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකින් ලබාගෙන ඇති හෙරොයින් තොගය මෙම උ.පො.ප.වරයා විසින් මෝටර් රථයක පටවාගෙන හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවී කොළඹ ප‍්‍රදේශයට මෝටර් රථය ධාවනය කිරීමට උත්සාහ කරද්දී ගෝනපීනුවල ප‍්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුණා.

ඒ වන විට මෙම මෝටර් රථයේ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 52 යි ග‍්‍රෑම් 728 ක් තිබී ඇති අතර ඒවා කිලෝ ග‍්‍රෑමය බැගින් වූ පැකට්වල අසුරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ.හෙට දිනයේ පෙරවරු...

“වාහන පරිස්සම් කරගන්න” – වාහන ගැන ඇසුනු අමුතුම කතාවක්

වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නියැලුණු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ...

ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් පෙරේදා දිනයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.ඒ් අනුව කොළඹ කොටුවේ, ශ්‍රීමත් බාරෝන...

රුපියල් 2කට ඇසිඩ් ගහලා – මුහුණ පිළිස්සී බරපතළයි

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සිදුවීමක් පිළිබඳ පුවතක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x