දියවන්නා ඔයේ කිඹුලෙක් ඇදගෙන යන මේ මළ සිරුර කාගේ ද?

දියවන්නා ඔයේ, පුද්ගලයෙකුගේ සිරුරක් කිඹුලෙකු විසින් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් ජංගම දුරකතනයක සටහන්ව තිබිණ.
(09) පස්වරු 5.45 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේදීයි.

සිද්ධිය පටිගත කළ තරුණයා කියා සිටියේ මෙම කිඹුලා සිරුර කිඹුලාවල පාලම දෙසට සිරුර ඇදගෙන ආ බව ත් පසුව පාලම යටදී සිරුර අතහැර දමා ඇති බවත් ය.

පසුව කිඹුලා අතහැර දැමූ මෘත දේහය කුඹුලාවල පාලමට නුදුරින් තිබියදී නාවික හමුදා නිලධාරීන් විසින් පසුව ගොඩ ගනු ලැබ තිබේ.

ඊයේ රාත්‍රී 9.00 ට පමණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුර කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ, මියගොස් ඇත්තේ වයස අවරුදු 60ක පමණ පුද්ගලයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන්, මිරිහාන පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර මිය ගොස් ඇති පූද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
11.svg?v=2.6
අවුල් වගේ !
19
22.svg?v=2.6
හරි හිනා !
9
3.svg?v=2.6
හම්මෝ !
55
31.svg?v=2.6
මාර දුකයි !
185
27.svg?v=2.6
මලපනිනව !
49
30.svg?v=2.6
කුජීතයි !
32
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අනුරාධපුර සාම විහාරයේ සිටි පාසල් දරුවා පැහැරගෙන

අනුරාධපුර සාම විහාර විහාරස්ථානයේ තාවකාලිකව නාවාතැන් ගෙන සිටි බාලවස්කාර පාසල් සිසුවකු පැහැරගෙන ගිය බවට...

කිරිපිටි ගැන තවත් තීරණයකට සැරසෙයි

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා...

පළමු වරට දුමින්ද සිල්වා වේදිකාවට ඇවිත් කියූ දේ – VIDEO

තමාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයට පත්කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් තමා දේශපාලනයට...

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ...

නොමිලේ ‘ සැප’ ගන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

පොලිස් පාට් දමමින් තලවතුගොඩ ප්‍රදේශයේ ‘ස්පා’ ආයතනයකට ඇතුළු වී කාන්තා පහස නොමිලේ ලබාගැනීමට උත්සාහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x