දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 සිට ඇරඹේ

සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ප්‍රකාශ කළා.බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත්  විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර  දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්  දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවරගත්තා.මේ වන විට කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්  එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ  පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටළුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පාසල් 76 න් 73 ක්, ශ්‍රී ජයවර්ධනපුර පාසල් 31 න් 29 ක්, කඩුවෙල පාසල් 49 න් 17ක්, පාදුක්ක පාසල් 26 න් 11 ක්, මහරගම පාසල් 32 න් 7ක්, රත්මලාන පාසල් 27 න් 24 ක්ද , කොලොන්නාව, හෝමාගම කැස්බෑව, දෙහිවල ,මොරටුව, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි සියලුම පාසල් ද ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට කමිටු නිර්දේශ ලැබී තිබෙනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි දිස්ත්‍රික් කමිටුව සඳහන් කරන්නේ.

එළඹෙන මාර්තු  01 සිට 11 තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන  අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x