26.9 C
Colombo
Tuesday, September 28, 2021

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය ගැන සුභ ආරංචියක්…එන සතියෙත් දීර්ඝ වේවිද?

මේ ඇඳිරිනීතියේ ප්‍රතිඵල ඉදිරියේදී බලාගන්න පුලුවන් රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉතාමත් හොද තත්ත්වයක පවතින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ රට සම්පූර්ණයෙන් විවෘතව තැබීමට වඩා දැන් පවතින ආකාරය ඉතා යහපත් බවයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතියේ ප්‍රතිඵල ඉදිරියේදී දැක ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදුකළ යුතුද නැද්ද යන්න පිළිබදව තමන්ට පැවසිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන විට රටේ ආර්ථිකය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් නමුත්, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේ නම් එය එතරම් ගැටළුවක් නොවන බව අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී සිටි.

ගුවන් හමුදාපතිවරයා සමග කටයුතු කළ පිරිසක කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට පසුගියදා හඳුනාගෙතිබේ.

ඉන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා මෙලෙස ස්වයං නිරෝධායනය සඳහා යොමුවී ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිරෝධායනය වෙමින් රාජකාරී කටයුතුවල නිරතවෙමින් ඇති අතර මේ වනවිට ඔහුගේ දෙවන සතිය ගතකරමින් සිටින බවය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග මෙලෙස අත්අඩංගුවට පත්වන පිරිස දිනෙන් දින ඉහළ ගිය අතර මීට පෙර එම සංඛ්‍යාව වාර්තා වූයේ පුද්ගලයින් 639ක් ලෙසය.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414කි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 1,028 ක් සහ පුද්ගලයන් 1,807 ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
42
11.svg?v=2.6
අවුල් වගේ !
11
22.svg?v=2.6
හරි හිනා !
16
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
34
30.svg?v=2.6
කුජීතයි !
24
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පන්දහස ගන්න නම් ගුරුවරුන් කළ යුතු දේ

ගුරුවරුන්ට රුපියල් පන්දහසේ දිරි දීමනාව ලබා ගැනීම සඳහා ඉටු කළ යුතු වගකීම් පහළොවක් ඇතුළත්...

“ඊළඟ ආත්මේ මගේ වෙන්න පන” – පියුමි හංසමාලි තැබූ සංවේදි සටහන

පියුමි හංසමාලි කියලා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇයගේ මිලියන...

කර්නල්ගේ වාහනේ ඉස්සර කළ තරුණයාට ලේ වමනේ දාන්න ගහලා

අද උදෑසන කැස්බැව හල්පිට ප්‍රදේශයේදී යුද හමුදාවේ කර්නල් වරයෙකු වයස අවුරුදු 23ක් පමණ වන...

කොවිඩ් මරණ 72ක්

තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (22) දින...

හාල් – කිරිපිටි – ගෑස් – සිමෙන්ති – තිරිගුපිටි මිල අද වැඩිවන හැටි

කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x