28 C
Colombo
Friday, May 14, 2021

දීර්ඝ සති අන්තයට පොලිසියෙන් ජනතාවට දුන් අවවාදය මෙන්න

මාර්ග ආරක්ෂාව පිළිබඳව වැඩි අවදානමක් යොමුකළයුතු දිනයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ එළඹෙන දීර්ඝ සති අන්තය හේතුවෙන් ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට පෙළඹීම හේතුවෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මේ වනවිට කොවිඩ් අවදානම ඉතා වැඩි වී ඇති බැවින් එළඹෙන දීර්ඝ සති අන්තයේ ඒ පිළිබඳවද විශේෂ අවදානයක් යොමුකළ යුතු බවයි.

යම් යම් ස්ථානවල පොකුරු සහ අනු පොකුරු නිර්මාණය වෙමින් පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව මාර්ග නීති පිළිබඳවද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳවද ජනතාව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනුම්දෙන්නේ.

එහිදී විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවය තබාගැනීම අත් පිරිසිදු කරගැනීම ආදී කාරණා සෑම අවස්ථාවකම සිදුකළ යුතු වනවා. මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
4
හරි හිනා !
2
හම්මෝ !
8
මාර දුකයි !
4
කුජීතයි !
3
මලපනිනව !
16
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොරෝනා ආසාදිතයන් 1097ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

ඉන්දියානුවන් 4 ක් යාපනයේ නිවසක සැඟව සිටි යදී නිරෝධායනයට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම...

ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය – එන්නත් මාත්‍රා මිලියන 5ක් ගෙන්වීමටත් පියවර (වීඩියෝ)

ෆයිසර් - බයෝඑන්ටෙක් කොරෝනා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවි තිබෙනවා.ජාතික ඖෂධ නියාමන...

ඉහළ යන කොවිඩ් මරණ ගැන තවත් අනාවරණයක්

මෙරට වැඩිම මරණ ඊයේ (07) වාර්තා වූයේ පසුගිය සතිය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 86ක්...

කොවිඩ් නිසා ජීවිතයෙන් සමුගත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා

මෙරට ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් හිමි තරුණ ව්‍යාපාරිකයෙකු වන දර්ශන දෙගම්බඩ මහතා කොවිඩ් 19 වෛරසය...

කොවිඩ් වෛරසය පන්නා දමන්න හුමාලය අල්ලා වැඩක් නැති බව වෛද්‍යවරයෙකු හෙළි කරයි – වීඩියෝ

හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ හැකි බව හැමෝම විශ්වාස කළ දෙයක්.ඒ නිසාම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x