දුම්රිය වර්ජනයක්

අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ,  දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය.

මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ද ඒ මහතා පැවසීය.

දුම්රිය මගීන්ට දුම්රිය ධාවනට අඬාලවීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්ජනය පිළිබඳ අදහස් දැක්වු ඉන්දික දොඩම්ගොඩ මහතා,

“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා. මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍ය වංචාවක් ගන්නාවක් සිදුකරලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා. මේ සඳහා අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සීඅයිඩිය මීළඟට වැඩේ දෙන්නේ මෙයාට – හරීන්ගෙන් අනාවැකියක්

ඊළඟට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් හඹා යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව හෙළිදරව්වක්...

ඔන්ලයින් නැතුව පාඩම් උගන්වන්න රජයෙන් අලුත් වැඩක්

සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ...

දින 42 දෙකක් තුළ අන්තර්ජාලයට එක් කළ අශ්ශීල දර්ශන තොගය

ජූලි මස 17 වන දා සිට ජූලි 28 වනදා දක්වා ශ්‍රී ලංකා පොලිස් පරිගණක...

බිරිඳට හොරෙන් මහ පාන්දරින්ම SPA සැප ගන්න ගිය, 37 හැවිරිදි පුද්ගලයා නොඑන ගමන් ගිය හැටි, තලවතුගොඩ කැළඹූ සිද්ධියේ ඇත්ත එළියට

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්බහාන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.තලංගම පොලිසිය...

පුද්ගලයින් 112 දෙනෙකු හදිසියේ අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x