දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 7ක් බිඳ වැටෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. පළමු දිනය නිමා වනවිට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 07 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියා. 

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් දුර්වල පන්දු රැකීමක නිරත වීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු 03 ක් ගිලිහී යාම හේතුවෙන් කොදෙව් පිතිකරුවන් පහසුවෙන් ලකුණු 250 සීමාව ඉක්මවා ගියා. නොදැවී පන්දුවට පහර දෙන නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් ලකුණු 99 ක් සහ රකීම් කෝන්වෝල් ලකුණු 43 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03 ක් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟය පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මුලු කතාවම කියවෙන පින්තූරයක්

පසුගිය දිනෙක පැවැති ගුරුවැටුප් ප්‍රශ්නය විසදීමේ උද්ඝෝෂණයකදී එක් ගුරුවරියක් අපූරු සටන් පාඨයක් සහිත පුවරුවක්...

මවගේ අනියම් සැමියා තරුණ පුතාව ඝා-තනය කරයි

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක්...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින්...

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය ගත් දැඩි තීරණය

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x