26.3 C
Colombo
Wednesday, September 29, 2021

දෙහිවල සතුන් වත්තේ සතුන්ට කොරෝනා හැඳුණේ වවුලන්ගෙන්ද ?

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය .

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය .

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් මුලින්ම වැළඳුණේ ”තෝර්” නැමැති සිංහයාටය. එම සිංහයාගේ තත්වය සතුටුදායක යැයි පැවසිය නොහැකි බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය .

කොවිඩ් ආසාදනයවූ සිංහ ධේනුව, ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනාගේ තත්වය සාමාන්‍ය බව පැවසූ විමලවීර දිසානායක මහතා දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලු සත්වෝද්‍යාන අනිද්දා (26) සඳුදා විවෘත කරන බවද පැවසුවේය .

සත්වෝද්‍යාන වසා දැමීම නිසා ඒවායේ සතුන්ට කෑම බීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමද දුෂ්කර වී ඇතැයි හෙතෙම සඳහන් කළේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

එන්නත් දෙකම සම්පූර්ණ දෙස් විදෙස් මගීන්ට මෙන්න සුබ ආරංචියක්..!

ලබන මස පළමුවනදා සිට මෙරටට එන පූර්ණ එන්නත්කරණය ලත් දෙස්-විදෙස් මගීන්ට ගුවන්ගත වනවිට කළ...

රෝහල්ගත කල දියණිය පැය කිහිපයකින් මිය ගිහින්

නිවසේදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දැරියක් ඉතා අවාසනාවන්ත...

පොලු පහරින් පිස්තෝල සහිත කොල්ලකරුවන් මෙල්ල කළ කුලියපිටිය කුලියාපිටියේ යකඩ අම්මා!

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින්...

සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන බව කියන්නේ කුමන්ත්‍රණකාරීන්

මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට   හසුනොවී  සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි ...

වනඅලි පලවා හැරීම සඳහා යොදාගන්නා අලුත්ම ක්‍රමයක්

බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි පලවා හැරීම සඳහා මී මැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x