Central Bank Central Bank

ධීවර බෝට්ටු දෙකක් මුහුදේ සුලිකුණාටුවකට හසුවී පෙරලේ

යාපනය ගුරුනගර් ධීවර ජැටියෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකක් 29 රාත්‍රියේ මණ්ඩතිව් මුහුදු සීමාවේදී සුලිකුණාටුවකට හසු වී පෙරලි යාමෙන් එහි ගමන්ගත් ධීවරයින් 5 දෙනෙකු බේරාගත් බවට ගුරුනගර් ධීවරයින් පවසති.

සුලිකුණාටුවට හසුවීමෙන් එහි ගමන්ගත් ධීවරයින් සියලු දෙනා බේරාගත්තද බොට්ටු දෙකටම දැඩි හානි සිදුවී මුහුදේ ගිලීගිය බවටත් තවත් ප්‍රමාද වූවේනම් ධීවරයින්ගේ ජීවිතද අහිමි වීමේ අවධානමක් තිබූ බවටද ධීවරයින් පැවසූහ.

එක් බොට්ටුවක ධීවරයින් තිදෙනෙකු සහ තවත් බොට්ටුවක් ධීවරයින් දෙදෙනෙකු මසුන් ඇල්ලීම සඳහා ඊයේ සවස ගුරුනගර් ධීවර ජැටියෙන් ගොස් මණ්ඩතිව් මුහුදු සීමාවට ඇතුල්වන අවස්ථාවේදී එකවරම අධික සුලිසුලං තත්වයක් ඇති වූ අවස්ථාවේදීම තමන් විපතට පත්ව ඇති බවට මිතුරු ගුරුනගර් ධීවරයින් හට දැනුම් දී ඇත.

අනතුරුව සුලිකුණාටුවක් බවට පත්වීමෙන් අනතුරුව ධීවරයින් බොට්ටුවලින් පැන මුහුදේ පිහිනමින් සිටින අතරවාරයේ එම ධීවරයින් බේරාගැනීම සඳහා පිටත් වූ ගුරුනගර් ධීවර බොට්ටු විසින් අදාල ධිවරයින් බේරාගෙන ඔවුන් සියලු දෙනා ගුරුනගර් ධීවර ජැටිය වෙතට රැගෙන ඒමට පියවර ගෙන ඇත.

බේරාගත් ධීවරයින් යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන අතර රුපියල් ලක්ෂ ගණනක් වටිනා ධීවර බොට්ටු විනාශ වී ගිලී යාමේන් එම ධීවරයින්ද විපත පත්ව සිටිති.

කෙසේ වෙතත් 30 දිනයේද මණ්ඩතිව් මුහුදු සීමාව දැඩි රලු ස්වාභාවයක් ගැනීම හේතුවෙන් මුහුදු යාමෙන් ප්‍රවේශම් වන ලෙසටද යාපනය සහකාර දීවර පරික්සක කාර්යාලය විසින් ධීවරයින්ට දැනුම් දී සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්