30 C
Colombo
Wednesday, September 22, 2021

නගරාධිපති කොරෝණා වැළඳී මියයයි

කොවිඩ් -19 වෛරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා 11 උදෑසන මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා ඇතුලත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවටය.

කෙසේ වෙතත් නගරාධිපතිවරයාට හෘද රෝගයකින් පෙලී ඇති අතර කොවීඩ් වැළඳීම හේතුවෙන් හෘද රෝගයද උත්සන්න වී මෙළෙස මිය ගොස් ඇත.

මේ වන විට නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවා.

ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා 76 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්විය.

මිය ගිය නගරාධිපතිවරයාගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පූර්ණ නිරෝධායන නීතීන්ට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද සෞක්‍ය නිලධාරී කාර්යාල වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මාලක සිල්වා යළිත් කරළියට ෆේස්බුක් පිටුවේ තැබූ අමුතු සටහන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා...

අරමුණු ගොන්නක් රැගෙන ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18)...

කොරෝනා ආසාදිත බිරිය ඝා’ත’නය කළ ව්‍යාපාරිකයා අවසානයේ මාට්ටු වෙයි

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය...

බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව...

අද මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,382 දෙනෙකු අද (16) හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x