නව කොරෝනා වාතයෙන් බෝ වෙනවද?

රට්ටු මෙච්චර කලක් මුඛ ආවරණ පැලඳගෙන ගියේ නොදැනුවත්වම කොරෝනා රෝගියෙක් මුණ ගැසී ඔහු කිවිසුමක් පිට කළොත් ඉන් බේරෙන්නටය. එසේ නැතිනම් රෝගියා කැස්සොත් ඔහුගෙන් පිටවන කෙළ බිඳිති ආශ්වාස කිරීම වැළැක්වීමටය. යම් හෙයකින් කොරෝනා රෝගියෙක් මුණ ගැසුණු බව තහවුරු වූයේ නම් සෞඛ්‍ය අංශ කළේ නිරෝගී පුද්ගලයන් දින දහ හතරක් නිරෝධායනයට යොමු කිරීමය. එහෙත් ගිය සතියේ අසන්නට ලැබුණේ කොරෝනා රෝගියෙක් මුහුණට මුහුණ හමු නොවුණත් රෝගය බෝවිය හැකි බවය. ඒ වාතයෙනි. වාතයෙන් කොරෝනා බෝවන බවට ගිය සතියේ නව වෛද්‍ය මතයක් ඉදිරිපත් විය.

‘‘මෙරට පැතිරෙන අලුත් වයිරසය වාතයෙන්ද බෝවෙනවා’’ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ නව මතයක් රටට ඉදිරිපත් කරමින් එසේ කීවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේය. කොරෝනා සම්බන්ධයෙන් දිගින් දිගටම පර්‌යේෂණවල නිරත වූ මහාචාර්යවරියකි ඇය.

ජනාධිපතිවරායගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් පසු පසුගියදා (23 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඇය කළ ප්‍රකාශයට අනුව කොවිඩ්-19 වයිරසය පැය එකහමාරකට ආසන්න කාලයක් වාතයේ රැඳී පවතී. මෙම ප්‍රකාශය කිරීමට දින 20කට පෙර ලෝකයේ කීර්තිමත් පර්‌යේෂකයන් කණ්ඩායමක් වන ලැන්සට්’ ආයතනය ​කොවිඩ් වාතයෙන් පැතිර යාහැකි බවට අනතුරු අඟවමින් වාර්තාවක් නිකුත් කළේය.

කෙසේ නමුදු මෙපමණ කලක් වෛද්‍යවරුන් පිළිගත් මතය වූයේ කොවිඩ් වයිරසය බිඳිති මගින් සම්ප්‍රේෂණය වන බවය. ඉන් අදහස් වන්නේ කිවිසුම් යන විට, එසේ නැතිනම් කහින විට මුවෙන් හෝ නාසයෙන් පිටවන සොටු හෝ කෙළ බිඳිති මගින් රෝගය තවත් අයකුට පැතිරෙන බවය. එනමුත් බිඳිති මගින් රෝගය බෝවීම සහ වාතයෙන් බෝවීම යනු අවස්ථා දෙකකි. පුද්ගලයෙක් මුවින් නැතහොත් ශ්වසන මාර්ගයෙන් පිටවන ඇහැට නොපෙනෙන බිඳිත්තක් හරහා තවත් කෙනකුට ගමන් කිරීම බිඳිති මගින් වයිරසය සම්ප්‍රේෂණය වීමකි. නමුත් අපගේ ශරීරයෙන්, රෝගියකුගේ හෝ ආසාදිතයකුගේ ශරීරයෙන් පිටවන වයිරසයක් විනාශ නොවෙමින් වාතයේ රැඳී තිබී ශරීරගත වීම හඳුන්වන්නේ වාතයෙන් බෝවීමකි. විද්‍යාත්මකව ගත් කල මෙය ඉතා විශාල වෙනස්කම් තිබෙන කරුණු දෙකකි. වාතයෙන් බෝවීම සම්බන්ධයෙන් ලෝකය පුර විද්‍යාත්මක පරීක්ෂණ රැසක් මේ වනවිටත් කෙරෙමින් පවතින්නේය. කෙසේ නමුදු මහාචාර්ය නීලිකා මලවිගේ ඉදිරිපත් කළ මතයට මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ්ය.

‘‘මෙවැනි ප්‍රකාශ හේතුවෙන් මහජනතාව වැරදි අවබෝධයක් අරගෙන තිබෙනවා. කොවිඩ් වයිරසයේ අලුත් ප්‍රභේදයක් වාතය මගින් බෝ වෙනවා කීවාට මෙතෙක් එවැනි දෙයක් වෙලා නැහැ. එකම වයිරසයක් වාතයෙන් බෝ වෙනවා නම් ලංකාව ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වන රට බවට පත් වේවි. මොකද ලෝකේ කිසිම රටකින් එවැනි සිද්ධියක් මෙතෙක් වාර්තා වෙලා නෑ. කොවිඩ් මුලින්ම සොයාගත් චීනයේ වූහාන් ප්‍රාන්තයටත් වඩා ලංකාව ගැන කතා කරන්න පුළුවන්’’ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියන්නේය.

කෙසේ නමුදු මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කරන්නේ වයිරසය වාතය මගින් බෝවන නිසා වෙනදාට වඩා මුව ආවරණ පැලඳීම ඉතා වැදගත් බවයි. ‘‘රෝග ලක්ෂණ අනුව තරුණ අයටත්, දරුවන්ටත් තරමක් දරුණු රෝග ලක්ෂණ මතුකර තිබෙනවා. රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගෙත් ප්‍රතිශතය වැඩිවෙනවා. ඉන්දියාවේ තරුණ අය ආසාදිතයන් බවට පත්වීම හා මියයන සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. එවිට තමන් රෝගියකු වීමේ හැකියාව වැඩියි. අවාසනාවකට අපිට නව ප්‍රභේදයක් ඇවිත් තිබෙනවා. පළමු සහ දෙවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සියයට 90ක පමණ පිරිසකට රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. නමුත් මෙම ප්‍රභේදයේ වැඩි පිරිසකට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එම නිසා කාර්යාල ඇතුළු විවෘත නොවන ස්ථානවල මුව ආවරණ පැලඳ සිටීම ඉතාම වැදගත්’’ මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටින්නීය.

රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ යම් විශේෂඥ වෛද්‍යවරයෙක් වාතය මගින් කොවිඩ් සම්ප්‍රේෂණය වන බව කියන්නේ නම් රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය සේවාව හෝ රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවට සැකයක් නැත. මක්නිසාද යත් එය ඉක්මනින් රට පුරා පැතිරී යාමට ඉඩ ඇති බැවිනි. වාතය මගින් රෝගය සම්ප්‍රේෂණය වන්නේ නම් සංචරණ පනවන්න හොඳ නැහැ. නමුත් රජය එවැනි තීරණයක් ගෙන නැහැ. සාමාන්‍ය කටයුතු පවත්වමින් රෝගයට මුහුණ දෙනවා කියන තීරණය තුළම වයිරසය වාතයෙන් බෝ නොවන බව තහවුරු වෙනවා. අපි භාවිත කරන මුව ආවරණද වාතයෙන් බෝවීම වැළැක්වීමට ප්‍රයෝජනවත්. නමුත් අපි පාවිච්චි කරන්නේ රෙදි මුව ආවරණයක් නම් වයිරසය වැලඳීමේ ප්‍රවණතාව වැඩියි. මේ නිසා මුව ආවරණවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්’’ රවි කුමුදෙශ්ගේ අදහසයි.

කොවිඩ් පැතිරෙන ආකාරය පිළිබඳ ලොව පුරා දැනුත් අලුත් අලුත් පර්‌යේෂණ පැවැත්වේ. වාතයේ කොවිඩ් වයිරසය තිබෙනවාද කියා සෙවීම ඉතා පහසු වුවත් නැති වුවත් තවදුරටත් පරීක්ෂණ කළ යුතුයි. වාතයේ නිදර්ශක ගෙන රෝගකාරකය තිබේද යන්න සොයා බැලීම එක් ක්‍රමයක්. කොවිඩ් රෝගීන් වැඩිපුර සිටින වාට්ටුවක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සාම්පල ගෙන පරීක්ෂණ කළ හැකියි. එමගින් සාක්ෂි මගින් තහවුරු කර ගැනීමේ හැකියාව ඇත.

වාතය මගින් හෝ බිඳිති මගින් වාතයේ රැඳී තිබෙන වයිරසය විනාශ කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රම තුනක් හඳුනාගෙන ඇත. පාරජම්බුල විෂබීජ ප්‍රතිකරණය එක් ක්‍රමයකි. විශේෂයෙන් සැකසූ HEPA ෆිල්ටර ක්‍රමය තවත් ක්‍රමයකි. වායු විෂබීජ නාශක යොදවා තවත් ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. වාතයෙන් පැතිරෙන ක්ෂය රෝගය වැනි වඩාත් දරුණු බැක්ටීරියා ආසාදනවලදී පවා ඉහළ කාර්යක්ෂමතාවක් තහවුරු කර ඇත. වායු විෂබීජ නාශක ඒකකවල භාවිත කර නිර්මාණය කර ඇති වායු පිරිසුදු කිරීම් කොවිඩ් ආරම්භයේදීම ඇමරිකාව වැනි රටවල් අධි අවදානම් ප්‍රදේශවලට හඳුනවා දී තිබේ.​ මෙවැනි යන්ත්‍රවල භාවිතය සහ අවශ්‍යතාව පිළිබඳ රජය දැනුවත් කර ඇතත් අවධානය යොමු නොකළ බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

‘‘කොවිඩ් වාතයෙන් බෝ වුණත්, නැතත් රසායනාගාරවල සහ කොවිඩ් වාට්ටු වැනි ස්ථානවල වයිරස් සාන්ද්‍රණය අඩු කරන්න මෙවැනි ක්‍රමයක් ඉතා අත්‍යාවශ්‍ය බව අපි තාක්ෂණිකව පෙන්වා දුන්නා. වායු විෂබීජ විනාශ කිරීම සඳහා භාවිත වන මෙම ක්‍රම තුනම ක්‍රියාත්මක වන වායු පවිත්‍රකාරක පවා නිර්මාණය වී තිබීම හේතුවෙන් විකල්ප ක්‍රම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි’’ සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙයි.

‘‘කෙසේ වෙතත් ලංකාවේ වාතයෙන් බෝවන ලක්ෂණ තිබෙන කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලා නැහැ. වාතයෙන් බෝවීම යනු විවෘත සංවාදයක්. ලෝකේ කිසිම රටක විද්‍යාත්මකව වාතයෙන් බෝවීම තහවුරු කර නැහැ. වාතයෙන් බෝවෙනවා නම් අපි මේ වනවිට අනුගමනය කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වැරදියි. සංචරණ සීමා පැනවිය යුතුයි. නිවැරදි මුව ආවරණ පැලඳිය යුතුයි.’’ යැයි රවි කුමුදේශ් ප්‍රකාශ කරයි.

කෙසේ නමුදු කොරෝනා වාතයෙන් බෝවෙනවාදැයි නැද්ද පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයද ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැත. නමුත් කොවිඩ්-19 මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ වාතාශ්‍රය අඩු කාමරවල වයිරසය පැයක් පමණ තිබිය හැකි බවයි. විශේෂයෙන්ම හිරු එළිය නොවැටෙන, වායුසමීකරණය කර ඇති කාමරවල වයිරසය රැඳී පැවතිය හැකි බැවින් මඟුල් ගෙවල්වලද කොවිඩ් පොකුරු බිහිවන්නේ එම නිසයි. කොවිඩ් සම්බන්ධයෙන් දෛනිකව ලෝකය පුරා පර්‌යේෂණ කරනවා’’ රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් නොකර ඇති වකවානුවක ඒ පිළිබඳ එම සංවිධානයෙන් විමසීමට ශ්‍රී ලාංකිකයකු සූදානමින් සිටියි. ඒ වෙනකකු නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ය.

‘‘වාතයෙන් බෝවීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයද තවම තහවුරු කර නැහැ. නමුත් වාතයෙන් බෝවනවාද යන්න පිළිබඳව තහවුරුවක් ඇති කළ යුතුයි. මම ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසනවා’’ ඔහු පැවසුවේය.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඩෙල්ටා ප්ලස් ගැන නවතම අනාවරණයක්

දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමේ හැකියාවක්...

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර කීර්තියට පත් කළ ප‍්‍රථම කාන්තාව රුක්මණීදේවි අපට අහිමි වී වසර 43 යි

සිංහල සිනමාවේ ප‍්‍රථම නිළි අග රැජිණිය සහ ප‍්‍රථම චිත‍්‍රපට පසුබිම් ගායිකාව වූ රුක්මණිදේවි මියගොස්...

නාමල් රෝහිත පවුල් දෙක එකතුවී ගත් ඡායාරූප මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම...

අන්තරේ කැදවුම්කරු බොරුකාරයෙක් බව පවසමින් තලංගම OIC උසාවියට හෙළි කළ දේ

නීතිවිරෝධී ජනරාශියක් ලෙස රැස්වෙමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොදු දේපලවලට හානිකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත...

සුරතලුන් සමග දිවි ගෙවන සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප

කලා ලෝකයේ ආදරණීය පවුලක් තමයි සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ. පසුගිය දවසක ජපානයෙන් පිරිනමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x