නව වසරේ පළමු සති දෙක තුළ දී පමණක් රුපියල් මිලියන 428.95 බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වුවද මේ මාසයේ පළමු සති දෙක තුළ දී පමණක් රුපියල් මිලියන 428.95 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා මහා භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා.

කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා සියයට 1.12 ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු සියයට 0.640 ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු සියයට 0.084 ක්, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු සියයට 0.024 ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු සියයට 0.072 ක් හා කොටස් ගනුදෙනු අයබදු සියයට 0.300 ක් බව කොළඹ කොටස් වෙළෙඳපොල පවසනවා.

රුපියල් මිලියන 100ට වඩා වැඩි ගනුදෙනු සඳහා අවම තැරැව්කාර ගාස්තු (අවමය) සියයට 0.200 ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු සියයට 0.0525 ක්, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු සියයට 0.0150 ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු සියයට 0.0450 ක් හා කොටස් ගනුදෙනු අයබදු සියයට 0.300 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලබන වසරේ ඉන්ධන හිඟයක් ඇති නොවෙන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල්...

ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය - කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ...

ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන්...

ආර්ථිකය ගොඩ ගන්න ඇමති බන්දුලගෙන් අලුත් තොන්ඩුවක්

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු...

වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x