26.9 C
Colombo
Tuesday, September 28, 2021

නිදාගත් ඇඳේ මෙට්ටය යටින් නයි පැටව් 30ක් හමු වූ හැටි

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයෙ නිවෙසක නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක් වාර්තා වෙනවා.
නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදීම එම ඇඳේ මෙට්ටය යට මෙම නයි පැටවුන් 30 දෙනාද දින ගණනාවක්ම සිටීමයි.

ඊට පෙර දිනයේ නිවෙස තුළ සිටියදී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව ඇති අතර නිවෙස් හිමියා බියට පත්ව එම සතුන් දෙදෙනාට පහරදී මරා දමා තිබෙනවා.

ඉන් පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවෙකු ඇඳේ නිදා සිටි අයකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් මහත්සේ බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂා කර බලත්දී ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන්ව දැක තිබෙනවා.

ඔවුන් පසුව ඒ බව පරිසරවේදියකු වන කැළුම්ට දැනුම් දීමෙන් පසුව ඒ මහතා පැමිණ නිවෙස පරීක්ෂා කර බලා ඇඳේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.

එම නිවෙස දැඩි පරීක්ෂාවකට ලක් කළද වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහිවූ බිත්තර වල කටු පවා හමු නොවූ බවද නමුත් පැරණි නිවෙසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකිවූ බවද කැළුම් වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6
අවුල් වගේ !
6
22.svg?v=2.6
හරි හිනා !
15
3.svg?v=2.6
හම්මෝ !
122
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
12
30.svg?v=2.6
කුජීතයි !
16
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිටපු තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට දූ’ෂ’ණ චෝදනා

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...

තාත්තා අම්මාට කල දේ ගැන පුංචි දුව කී සංවේදී කතාව

සිය බිරිය සතු දේපළ අත්පත් කර ගැනීම හා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව විවාහ කර...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමෙන් පසුව මේ දේ කරන්න එපා

කොවිඩ් මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග...

රට විවෘත කිරීමේ සූදානම ගැන යුද හමුදාපති කියයි

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x