29 C
Colombo
Monday, June 21, 2021
logo

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව මත්තේගොඩ පොලීසිය පවසනවා.

සිය නිවස පිටුපස කොස් ගසක ගෙල වැළලාගෙන මොහු දිවි නසාගෙන ඇත්තේ පෙරේදා (11) දිනයේ යි.

පොල්ගස් ඕවිට, කිරිගම්පමුණුව පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් තිබෙනවා. 

පසුගිය අලුත් අවුරුදු සමයේ දී මොහු බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවන අතර මෙම පුද්ගලයා සතුව රියැදුරු බලපත‍්‍රයක් ද නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් ඔහු පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී රුපියල් 50,000ක දඩ මුදලක් නියම වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම මුදල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් මෙම පුද්ගලයාට බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා.

පසුගිය 04 වැනි දා බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණීමත් සමග නිරෝධායන නීතිය අනුව මෙම පුද්ගලයාව දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබුණු අතර ඔහු සිය නිවස පිටුපස කොස් ගසක අඩි තිහක පමණ උසින් පිහිටි අත්තක ගෙල වැළලා ගෙන සිය දිවි හානි කරගෙන තිබූයේ එම නිරෝදායන කාලය අතරතුර යි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළා.

සිරුරෙහි PCR පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
7
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
30
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
6
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
6
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් ගැසට් නිවේදනයක්

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ...

නිරෝධායනය මධ්‍යස්ථානයක තරුණයෙකු සියදිවි නසා ගනී

කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි " ටැමරින් ට්‍රී " සංචාරක හෝටලයේ නීරෝධායනය වෙමින් සිටි තරුණයෙකු...

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන හැටි

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...

නැවත 5000 දෙන්නේ මෙන්න මේ අයටයි

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000සේ දීමනාව ලබාදීමට රජය...

හෙට උදෑසන සිට හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න

හෙට (21) උදෑසන 04 සිට දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක්  හුදෙකලා කිරීමට තීරණය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x