නිරෝධායනයට අවනත නොවූ කාන්තාවක් නිසා කොවිඩ් අවදානමක්

නිරෝධායන රීතීන්ට අනුගත නොවූ කාන්තාවක් හේතුවෙන් රජයේ කාර්යාලයක සේවකයින් පිරිසක් හා පාසල් ළමුන් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුවීමේ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරත කාන්තාවක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටියදී පසුගිය දිනවල සේවයට වාර්තාකර ඇති අතර සිය දරුවන් දෙදෙනා ද පාසල් යැවීමට කටයුතුකර තිබුණි.

එම තත්ත්වය මත සිදුකර තිබූ PCR පරීක්ෂණවලදී ඇයට මෙන්ම දරුවන් දෙදෙනාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් එම කාන්තාව සේවය කළ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවකයින් 07 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇත.

එමෙන්ම ඇයගේ දරුවෙකු අධ්‍යාපනය ලබන අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 15 දෙනෙකු සහ තවත් දරුවන් දෙදෙනෙකු මෙන්ම අනෙක් දරුවා අධ්‍යාපනය ලැබූ පෙරපාසලේ සිසුන් දරුවන් 20 දෙනෙකු සහ ගුරුවරුන් 03 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (24) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පුංචි තිරයේ අහිංසකාවිය මහේෂි මදුෂංකා උපන් දිනය සැමරූ හැටි – Photos

පුංචි චිරයේ රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය තරුවක් තමයි මහේෂි මදුෂංකා. ඇයගේ උපන් දිනය අදට යෙදී...

තෙල් මිල ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්.

ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට ලංකාව පත් වී ඇතැයි බලශක්ති...

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනපති කළ ඉල්ලීම

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති...

අද කාලගුණය

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x