28.6 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න, තනතුරට සමු දීමට තීරණය කරයි

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මැයි 24 වන දායින් පසුව අවසන් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න පවසනවා.

ජනතාව දැන ගත යුතු සංවේදී තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ අරමුණ ඇතිව නීතිපතිපතිවරයාගේ සංකල්පයකට අනුව ඉකුත් 2019 මැයි මස 21 වන දින නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස තමා පත් කළ බව නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

වසර 136ක කාලයක් පුරාවට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් ස්ථාපනය කර නොතිබූ බවත් පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත සන්නිවේදනය කිරීම හා මහජන විශ්වාසය ඇති කිරීමට මෙවැනි තනතුරක් එක් කිරීම නීතිපතිවරයාගේ අභිලාෂය වූ බව අධිනීතිඥවරිය සදහන් කළා ය.

ජනතාවට අවබෝධ වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා එහි බලය විනිවිදභාවයෙන් විධිමත් ලෙස ලබා දීමට තම ආයතනය මෙන් ම නව තනතුර ද භාවිතයට ගෙන පුරා වසර දෙකක කාලයක් තුළ ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ බව අධිනීතිඥවරිය අප හා පැවසීය.

එම වසර දෙකක කාලය පුරා තම සේවය නොබියව කාර්යක්ෂමව ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමට මෙම තනතුරට පත් කළ නීතිපතිවරයා වෙත බෙහෙවින් ස්තූතිවන්ත වන බව පැවැසූ ජයරත්න මෙනවිය මෙම කටයුතු සිදු කිරීමට සහාය ලබා දුන් ජන මාධ්‍ය සියල්ලට ම තම ස්තූතිය පුද කරන බව ද පැවසීය.

අධිනීතිඥවරිය සඳහන් කළේ, ලබන 24 වන දින නිල වශයෙන් සේවයෙන් ඉවත් වන තෙක් තම රාජකාරිය ඉටු කරන බවය.

වසර 136ක නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී තනතුර 2019 මැයි මස 21 වන දින ආරම්භ කළ අතර නීතිපතිවරයා විසින් එම තනතුර සඳහා නිශාරා ජයරත්න මෙනවිය පත් කර තිබිණි.

ඒ අනුව, නිශාරා ජයරත්න මෙනවිය අද දක්‌වා මාධ්‍ය සමග සහයෝගයෙන් නීතිපතිවරයාගේ නියෝග මෙන් ම නඩු කටයුතු පිළිබඳ තොරතුරු ද ජනතාව වෙත සන්නිවේදනය කිරීමට කටයුතු කළා ය.

මේ අතර, නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ධූර කාලය ද එළඹෙන මැයි 24 වන දා අවසන්වීමට නියමිතය.

උපුටා ගැනීම – හංසි නානායක්කාර

මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
15
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
27
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටය යුතුයි..- හර්ෂ

සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී...

විශ්‍රාම වැටුප් අද සිට

විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්බ වන අතර එය අද(10), හෙට(11) සහ අනිද්දා(12) යන...

පස් යට සැඟවුණු නිවැසියන් සොයා ‘සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි ‘ සුනඛයා

මාවනැල්ල දෙවනගල ප‍්‍රදේශයේ නාය යෑම නිසා මරණයට පත් පවුලේ පිරිස සොයන එම නිවසේ සිටි...

හිටපු මන්ත්‍රී කුරුකුලරත්න දිවියට සමු දෙයි

ගාල්ල දිස්ත්‍රික්ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.මියයන විට ඔහු...

පාසල් විවෘත කිරීම පහසු කළ හැක්කේ කෙසේ ද?

ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x