29 C
Colombo
Monday, June 21, 2021
logo

නීති කැඩූ උපන්දින සාදය ගැන තවත් තොරතුරු එළියට

තරු පන්ති හෝටලයේ පැවති උපන්දින සාදයට අදාළව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කළ බස් රථය ආපසු හැරවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නම කියැවෙන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ මාධ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.එමගින් සඳහන් කර ඇත්තේ පසුගිය දෙවනදා සන්ධ්‍යාවේ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මංජු ශ්‍රී නමැති නීතිඥවරයෙකු ඇමතුමක් ලබාදී ඇති බවයි.

එමගින් සිය සේවාදායකයන් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

අනතුරුව පියුමි හංසමාලි නමැත්තිය දුරකථන ඇමතුමක් ලබාදී තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස පොලීසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

පසුව චන්දිමාල් ජයසිංහ ද දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ඇමතිවරයා, පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම්දී ඔවුන් තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් පිරිස බස් රථයේ සිටියදීම අවශ්‍ය සුබසාධක ද්‍රව්‍ය ගෙනවිත් දීමට අවස්ථාව සලසා දී ඇති බවයි එහි දැක්වෙන්නේ.

අනතුරුව, යළි ඔවුන් පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයකට සහභාගි වීම හේතුවෙන් අද අත්අඩංගුවට ගත් 7දෙනා ඇප මත මුදා හැරුණා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුව ඔවුන් සති දෙකක කාල සිමාවක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

අද අත්අඩංගුවට ගත් සැකකරුවන් ද ඇතුළුව තරු පන්ති හොටලයේ සාදය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 21 ක්.

රංගන ශිල්පිනි මාධවී ඇන්තිනි, ඇයගේ සැමියා වන මිලාන් සිල්වා, රූපලාව්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ මව වන කේ.ගුණවතී. චන්දිමාල්ගේ ඥාති සොයුරියක් වන අනර්කලි ආකර්ෂා, සහ ඔහුගේ රියදුරු මෙලෙස අද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

මීට පෙර මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වනවිටත් ඔවුන් සති දෙකක නිරෝධායන කාලසිමාවක් සඳහා යොමු කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර තිබු මෙම උපන්දින සාදය පිලිබඳ මුලික පරික්ෂණ කොටුව පොලිසිය මගින් සිදු කළ අතර, එහි වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දි තිබෙනවා.එමෙන්ම, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
19
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
12
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ආදරණීය චිචී මල්ලී ඔබට සුබ උපන් දිනයක් වේවා

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නාමල්...

රංගන ශිල්පිනි උදාරි කෞෂල්‍යාට උපන්දිනය දවසේ ලැබුණු සප්‍රයිස් එක.

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත උදාරි කෞෂල්‍යාගේ උපන්දිනය අද දිනට යෙදී...

පියුමි කලකිරෙයි රට හැරයන්න සැරසෙයි

මොකද මගේ බබාට අවුරුදු 10 යි. එයාගේ අධ්‍යාපන කටයුතුවලට කොහොමටත් රට යන්න තමයි ඉන්නේ....

ටීවී යූටියුබ් ඉන්ටර්විව් ඉල්ලන්න එපා දෙන්නෑ අපි මානව හිමිකම් යනවා – පියුමි

පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ ආන්දෝලනාත්මක සාදයක් පැවැත්වූ බව හෙළිවීමෙන් අත්අඩංගුවට පත්ව ඇප ලැබූ රූපලාවන්‍යවේදී චන්දිමාල්...

ජනප්‍රිය නිලි ගයත්‍රී ඩයස්ගේ මව කොරෝනා මාරයා ගිල ගනියි ඇය සංවේදීව හඬා වැටෙමින් කල කතාව

ගයත්‍රී ඩයස් කියනේ අපි කවුරුත් හොදින් දන්නා හදුනන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ප්‍රසිද්ද ශිල්පිනියක්....

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x