නුගේගොඩ බැංකුවකදී විදුලි සැර වැදී සිසුවෙකු මරුට

අවු.17 වයැසති බොරලැස්ගමුව, නිලම්මහර, ප්‍රදේශයේ පදිංචිව සිටි යසිරු කොළඹගේ නැමැති සිසුවා නුගේගොඩ, නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක් තුළදී විදුලි සැර වැදීමෙන් පෙරේදා (22)දා ජීවිතක්ෂයට පත්ව ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

මෙම සිසුවා මහරගම ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන බවත්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටි අයෙකු බවත් පොලීසිය පවසයි.

මෙම සිසුවාගේ පියා නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක වායුසමීකරණ අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටියදී ඊට සහාය දැක්වූ සිසුවාට මෙම අනතුර වී ඇති බවත්, විදුලි සැර වැදීමත් සමගම කළුබෝවිල ශික්ෂණ රෝහලට දරුවා ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
10
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

එක රටක් එක නීතියක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යටතට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර...

කොවිඩ් සමයේ ළමයි හදන්න එපා ද? නැවත ඒ ගැන යළි අනාවරණයක්

කොවිඩ් වසංගත තත්ත්වය පවතින මෙම අවස්ථාවේ දී දරුවන් සාදනවා ද නැද්ද යන්න තීරණය කළ...

රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි

වයඹ ආණ්ඩුකාර ධුරය දරන රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x