පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇතැයි කියමින් කොළඹ රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියකු නාරාහේන්පිට පොලිසියට ඊයේ (13 වැනිදා) පැමිණිල්ලක් කර තිබෙනවා.තමාගේ හැඳුනුම්පතේ සඳහන් විස්තර උපයෝගි කරගනිමින් මෙම ව්‍යාජ මරණ දැන්වීම සකස් කර ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත්තේ, නාරාහේන්පිට රජයේ කාර්යාලයක සහකාර අධ්‍යක්ෂවරයකු විසින් බව ද නාරාහේන්පිට පොලිසිය පවසනවා.‍

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සහකාර අධ්‍යක්ෂවරයා පදිංචි දොම්පේ පොලිස් වසමේ පිහිටි නිවෙසට පසුගිය ජනවාරි මාසයේ දිනක රාත්‍රී කාලයේ මැර කණ්ඩායමක් කඩාවැදී අලාභහානි සිදු කර තිබූ බව ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්. එම මැර කණ්ඩායම මල්වඩමක් ද නිවස ඉදිරිපිට තබා ගොස් තිබුණ බව ද මේ සම්බන්ධයෙන් එම වකවානුවේ තමා දොම්පේ පොලිසියට පැමිණිල්ලක් කළ බව ද සහකාර අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන...

කොවිඩ් එන්නත ලබා ගන්න ඉන්න අයට ආරංචියක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

“….කොච්චර ආදරේ කළත් විවාහ වෙන්න හදිසි වෙන්න එපා…”

“මගේ කතාව සාධාරණීකරණය කරමින් ඒ කදුළු කතා විකුණන්න කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දරුණුවට මගේ චරිතය...

මෙන්න මේ කතාව ඔබ දැනන් හිටියා ද ?

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට...

පළාත් සංචරණ සීමා ගැන තීරණයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x