පන්දහස ගන්න නම් ගුරුවරුන් කළ යුතු දේ

ගුරුවරුන්ට රුපියල් පන්දහසේ දිරි දීමනාව ලබා ගැනීම සඳහා ඉටු කළ යුතු වගකීම් පහළොවක් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබීය.

මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින් සිසුන්ගේ ඉගැන්වීම් හා උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග සඳහා අයැදුම්පත් යොමු කිරීමට අදාළ කටයුතු, පාසල්වල ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම, රාජකාරි අවශ්‍යතා මත පවත්වන රැස්වීම්වලට සහභාගි වීම, නව ජාතික පාසල් ව්‍යාපෘතිය හා සම්බන්ධ කටයුතු, ළමා මිතුරු පාසල් හා එන්නත්කරණ යන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය දීම, පෙළපොත් බෙදා හැරීමේ කටයුතු ඇතුළු වගකීම් පහළොවක් එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

විදුහල්පතිවරුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අදාළ දීමනාව ගෙවීමට කටයුතු කළ යුතු බවත් එහි සඳහන්ව ඇත.

දිරිදීමනාව සඳහා හිමිකම් ලබන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ගෙවීම් කිරීමේ බලය පවරා ඇත්තේ කලාප අධ්‍යක්ෂවරුන්ටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
7
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
4
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ වැසි වාර...

ලොව පුරා ජනප්‍රිය සැනිටයිසර් ලංකාවේ තහනම් වු තැන

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන...

ප්‍රියසාද් පවුලට එකතු වුණු, ආදරණීය පුංචි දෝණිගේ ආදරණීය ඡායාරූප පෙළ මෙන්න

දිනක්ෂි ප්‍රියසාද්, පසුගිය දවසක උතුම් මව්පදවිය ලබාගත්තා. ඉතින් පවුලට එකතු වුනු අලුත් අමුත්තිය ගැන...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x